ජෝ බයිඩන් රුවන්වැලිසෑය වැඳීම

ජෝ බයිඩන් රුවන්වැලිසෑය වැඳීම

.

කැලුම් ජයසුමන

.

ලොව වැඩිම ප්‍රතිශතයක හීනමාන කාරයින් ඇති රටවල් අතර තරඟයක් තබන්නේ නම් ලංකාව එහි අංක 01ට පැමිණීම වැලැක්විය නොහැකි වනු ඇති. ඒ තරමට අධික හීනමානයෙන් පෙලෙන බකබුස්සන්ගෙන් අපේ රටට අඩුවක් නැත. ඒ බොහෝ අය බටහිරින් එන කොයිදේත් දේව භක්තියෙන් වැලඳගන්නා හොටු බැලයන් වන අතර වනපොත් කල දැනුමත් තමන්ගේ සැබෑ ස්වරෑපයත් අතර සමනය කල නොහැකි පරතරය පියවා ගත නොහී ඉච්ඡාභංගත්වයට පත්වූ කල තම රටට, රටේ සංස්කෘතියට,සභ්‍යත්වයට ගරහා ස්වයං වින්දනයක් ලබන හිකනළුන් බවට පත් වී ඇත. ඔවුනට අනුව ඔවුන්ගේ පරමාදර්ශ ඇත්තේ ඇමරිකාව,යුරෝපය වගේ බටහිර රටවලය. ඒ රටවල සුද්දන් මස් මංශ වැඩිපුර කා හෙලන බෙට්ටද සඳුන් සුවඳ සේ අපට ඒත්තු ගන්නන්නට ගන්නා උත්සාහය අප දැක ඇත.

වසර 450කට බටහිර ආක්‍රමණිකයන්ගේ යටත් විජිතයක්ව තිබී නිදහස් වූ පසුද උන්ගේ ආධිපත්‍යට ස්වයං කැපවීමෙන් තවදුරටත් හිස නමා ජීවත් වීමට උන්ගේ සියළුදේ හිස් මුදුනින් පිලිගැනීමට කැමති පිරිසක් බිහිවී ඇති බව පෙන්වන ලියන අප්පුලා බොහෝ පිරිසක් බුකියේද අප සමාජයේද නිතර හමුවෙති. ඒ බොහෝ අයට ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලි සෑය අභියස දිවුරුම් දීම හාස්‍යට කාරණයකි. ගෝත්‍රික වැඩකි. අන්‍යාගමිකයන්ගේ සිත් රිදවීමකි. සහජීවනයට බාධා කිරීමකි. ඒ නිසාම ඒ පිලිබඳ විචාරයන් විග්‍රහයන් බොහෝමයක් අප දුටුවෙමු. නමුත් ලෝක බලවතා යැයිද ප්‍රජාතන්ත්‍රවාදයේ මහා දෙවොල ලෙස ලිබ්බන්,ගෙම්බන්,මාක්ස්වාදීන්,නිදහස් මතධාරීන් යැයි කියාගන්නා හීනමානකාරයින් පිලිගන්නා ඔවුන්ගේ පරමාදර්ශී දිව්‍ය ලෝකයේ සක්කරයා බයිබලයට අත තබා දිවුරන එකේ කිසිම අවුලක් නැත. එසේ කරන විට අන්‍ය ආගමිකයන්ගේ සිත් රිදෙනවා යැයි කියා මේ අන්තේවාසිකයන්ගේ අධෝමුඛයේ ඉත්තෑවන් රේස් දුවන්නේ නැත. ලංකාවේදී ගෝත්‍රික ලක්ෂණයක් යැයි පිලිකෙව් කරන කාරණය ඇමරිකාවේදී මාරම මාර පොෂ් වැඩක්ම වන්නේය.

2015 ජනාධිපතවරණය පැරදී ප්‍රතිඵළ නිකුත් වන්නටත් ප්‍රථම අරලිය ගහ මැදුරට සමුදී ගෙදර ගිය මහින්ද බල පෙරේතයෙක් වන මේ නිවටයන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් බලය හුවමාරු කිරීමට ජීවිත බිලිදෙද්දී ඒ ගැන වගේ වගක් නැත. එවිට උන්ගේ ඉත්තෑවන් අතුරුදහන් වන්නේය. අවුරුදු 75 මහින්ද රාජපක්ෂ දේශපාලනයේ සිටීම පට්ට අවුල් වන මේ දීනයන්ට වයස 78 ජෝ බයිඩන් ජනාධිපති වීම පෙනෙන්නේ නැත. පෙනුනත් ගානක් නැත. මේ මානසික රෝගී හීනමාන කාරයිනේ බොහෝමයක් තම ගැමි දෙමාපියන්,නෑදෑයන් හිතවතුන් සියළු දෙනාගෙන් දුරස්ව අසහනයෙන් දිවි ගෙවන වල්මත් වූවන් බව අත්දැකීමෙන් දැක ඇත්තෙමි. කාලයක් යද්දී සමහරු තම දෙමාපියන්ට සැලකීමට බැරි වීම ගැන ස්වයං විවේචනාත්මක හෑලි පවා ලියා පල කරනු දැක ඇත.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*