චීන ණයෙන් ගොඩ ගිය එකම එකා

චීන ණයෙන් ගොඩ ගිය එකම එකා

.

Damith Kethaka

.

චීන්නුන්ගෙන් ණය අරගෙනත්, තමන්ගේ රට ගොඩ දැමූ එකෙකුට ඉන්නේ රුවන්ඩාවේ පෝල් කගාමේය….උන් ගොඩම ගිහින් නැතත්, දැන් ගොඩයන ලකුණු පැහැදිලිව පෙන්වන්නෝය….

කගාමේ රට බාරගත්තේ 2000 අවුරුද්දේය….ඒ වෙනකොට ඔහුගේ වයස 45 කි….රුවන්ඩාව වාර්ගික සංහාර නිසා කම්බස් වෙලා තිබිණි….රුවන්ඩාව වසා දමා, එම භූමිය අප්‍රිකානු රාජ්‍ය එකතුවට පාලනයට බාර දෙන්න කියා නිර්දේශ වී තිබිණි….

කගාමේ චීන්නුන්ව විතරක් බදාගත්තේ නැත…ඒ වෙනුවට බටහිර රාජ්‍ය වල සමාගම් වලටද කෙටි කළකට උපරිම වාසි සැලසෙන ලෙස ආයෝජනය කරන්න ඇරයුම් කළේය….කාළයත් සමඟ සමාගම් එකා දෙන්නා එනතුරු, මහා විසාල ඉදිකිරීම් කිසිවක් කළේ නැත….තිබෙන පාරවල් ටික පොඩ්ඩක් වැඩි දියුණු කර, රටේ ආරක්ෂාව තහවුරු කරගෙන, හෙතෙම බලා උන්නේය….මුලින්ම ආවේ බෙල්ජියම්, නෙදර්ලන්ත සහ ඇමරිකානු සමාගම් තුන හතරකි….ඒවාට තමන්ගේ රටෙන් පමණක් ශ්‍රමය ගත යුතු යැයි කගාමේ කීවේය….ඒක ලාබදායී බව කල්පනා කළ ඔවුහු එසේම කළහ…

ඊළඟට චීන්නු ආවෝය….චීන්නු සල්ලි දෙන්න ඉදිරිපත්විය….කගාමේ “ද කගාමේ ජෙනරේෂන්” ලෙස අද ප්‍රකටව සිටින තරුණ පරපුර පෙරට ගත්හ….ආගමිකත්වයෙන් රාජ්‍ය පාලනය ඈත් කරගත්තේය…..අවුරුදු ගාණක් ලොව බිහිසුණුම වර්ග සංහාරයක් කරගත් වාර්ගිකත්වයන් සියල්ල ආගම් වලින් සහ ජාතීන්ගෙන් ඈත් කරගෙන, සල්ලි හම්බු කරන්න දැම්මේය……”අවුරුද්දක් ඇතුළත උඹලාට සල්ලි හොයන්න පුලුවන් ප්‍රොජෙක්ට් ඇර, වෙන කිසි ඉලව්වක් කියන්න එපා” යැයි තරුණ පරපුරට කීහ….ඔවුන් තමන්ට කළ හැකි ටික පෙන්නූහ…..කගාමේ චීන්නුන්ගෙන් ලැබෙන ණයක් ගත්තේ ආන්න ඒවාටය….තමන්ගේ රටේ එවුන් දමා හදන දෙයක් හැදුවේය…..අන්තිමට ඒවායින් ආදායම් එනවිට, තව දුරටත් හැදීම නැවැත්තූ හෙතෙම, අවුරුදු පහක් විතර, ඒ ආදායම් පදම් වෙන්නට ඉඩ හැරියේය…. ඒ අතරේ පුළුවන් තරම් නූතන අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපන ආයතන රට පුරා හැදුවේය….

ඒවායින් ඉගෙන ගන්න එවුන්ගේ හිත් දිනාගත්තේය…..උන් ඉගෙන ගෙන රට අතහැර ගියේද නැත…..”තමන්ට පුළුවන් දෙයක් කරපල්ලා ” යැයි කගාමේ ඔවුන්ට කීහ….ඔවුන් කරන්නට පටන් ගත්හ….අන්න එවිට හෙතෙම බටහිරින් සහ චීනයෙන් තව සල්ලි ටිකක් ඉල්ලාගෙන, අර කරමින් සිටි ව්‍යාපාර පුළුල් වන තැනට අවශ්‍ය ඉදිකිරීම් ටිකක් කළේය….

කගාමේ දරාගන්න බැරි මළ ඉලව් සාදා මැජික් පෙන්නන්න ගියේ නැත…..ඒ මිනිහාගේ වැරදි එමටය….ඒ උනත් ඔහු පට්ට මෝඩයෙක් හෝ නරුමයෙක් නොවේය….දැන් රුවන්ඩාව පියවරෙන් පියවරට ඉදිරියට යමින් සිටිති…..ඩිස්නිලන්ත හදන්නට නොගියාට, කගාමේ දුප්පත් සංචාරයකන්ට ඇවිත් නවතින්න අවශ්‍ය පොඩි හෝටල් ඉදි කරමින් සිටියි…..ඩිස්නිලන්ත හොයාගෙන අප්‍රිකාවට එන්න ලොකු සල්ලි කාරයන්ට ඔලුවෙ අමාරුවක් නැති බවත්, එනවා නම් දුප්පත් මිනිහෙක් ඇවිත් කීයක් හරි වියදම් කරන බවත්, පාලුවට ගිය සොහොන් නගර වෙනුවට, එහෙම දුප්පත් හෝ සාමාන්‍ය සංචාරකයන්ගෙන් පිරිච්ච හෝටල් තියෙන එක වාසිදායක බවත් කගාමේට කියා දුන්නේ එඩ්වින් අය්න් ස්ටීව් නමින් හැඳින්වෙන මූල්‍ය උපදේශකයාය….කගාමේ මොළයක් ඇති මිනිහෙක් නිසා, ඒක අකුරටම කරමින් සිටි….කොරෝනාවෙන් පසුව ඒවායේ ප්‍රතිඵල පෙනෙනු ඇත…..

චීන්නු අප්‍රිකාවට දීපු සල්ලි නිසා, අප්‍රිකාවේ චීන කොළණි බිහිවෙමින් පැවතුනත්, කගාමේ ණය ගත්තු එකත් කලේ නිසි පමණටය…..හැමවිටම ඊළඟ පියවර තිබ්බේ තමන්ගේ රටට දිරවා ගන්න පුලුවන් තැනකටය…..ප්‍රශ්ණය ණය දෙන චීනාගේ නොව, ණය ගන්න එකාගේ බව ඔහු මේ වනවිට පෙන්වා ඇත…..ඔහු හොඳ මිනිහෙකු නොවුනත්, වසර 2034 වනවිට රුවන්ඩාව අප්‍රිකාවේ හොඳ සංවර්ධනයක් සහ මධ්‍ය ආදායමක් ඇති රටක් බවට පත් කරනවා නියතය….රටට ලැබෙන සෑම සතයක්ම වියදම් කරන හැටි නිරීක්ෂණය කරන්නට ඔහු තරුණ පරපුරේ නියෝජිතයන් සහිත මණ්ඩල පත් කර ඇත…..

ආගම් වල බළාධිකාරිය අත් හිටුවූ හෙතෙම දේශපාලනයේ කාන්තා නියෝජනයද 50% දක්වා ගෙනාවේය….එහෙම කරපු පළවෙනි අප්‍රිකානු රට රුවන්ඩාවය…ඔහු වීරයෙක් හෝ ශ්‍රේෂ්ඨ මිනිහෙක් නොවුනත්, කළ යුතු දේ කරන්න දන්නා මිනිහෙකි…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*