ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව ගැන වචන කීපයක්

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව ගැන වචන කීපයක්

.

Nirmal Dewasiri

.

මා සිතන ආකාරයට කරුණු දෙකක් නිසා ගෝඨාභාය රාජපක්ෂයේ ජනාධිපති ධූරය සුවිශේෂ වේ. එකක් ඔහුට තිබෙන ජනප්‍රියත්වයයි. ආණ්ඩු විරෝධීන ගෙන යන ඔහු අසමත්ය යන ප්‍රචාරක ව්‍යාපාරය ඇත්ත වශයෙන් ම ඔහුට තිබෙන ජන ප්‍රසාදය නිසා ආණ්ඩු විරෝධීන් තුළ ඇති අපේක්ෂාභංගත්වය මත දියත් කර ඇති ව්‍යාපාරයකි.

දෙවෙනි කරුණ වන්නේ බොරු පූචානම් නොමැතිව තමන් ඉදිරියේ ඇති අභියෝග මුහුණ දීමට ඔහුට ඇති සූදානමයි. ඔහු පදනම් වී ඇති දේශපාලන දැක්ම පිළිබදව කළ හැකි විවේචන පසෙක තැබුවහොත් මේ සාධක දෙක අනිවාර්යයෙන්ම පිළිගත යුතුය.

ඇත්ත වශයෙන්ම මගේ වැඩි උනන්දුව ඇත්තේ යුද්ධය තුළ ඔහුගේ කාර්යසාධනය වෙත නොව ඔහුගේ ජනාධිපති තනතුර කෙරෙහිය. මේ වකවානුවේ ජනාධිපති තනතුර දැරීම හා එය බැරෑරුම් ලෙස සැලකීම පහසු දෙයක් නොවේ.

ඇත්ත වශයෙන්ම යුද්ධයක් මෙහෙයවීම එතරම් අපහසු දෙයක් නොවේ. ඒ සදහා අවශ්‍ය වන්නේ ඇති තරම් වියදම් කිරීමට මුදල්, අනුකම්පාවිරහිතභාවය, පුහුණු හමුදාවක් සහ මහජන සහයෝගය යන දේවල්ය. විශේෂයෙන් එල්ටීටීඊ වැනි උපායමාර්ගික මුග්ධ කමක් කොට ගරිල්ලා ව්‍යාපාරයක සිට ජනයා සිටින භූමියක් පරිපාලනය කරන ආණ්ඩුවක් බවට පත්වූ ලංකා රාජ්‍යෙය් හමුදාව වැනි පුහුණු හමුදාවක් නොමැති සන්නද්ධ කණ්ඩායම් පැරදවීම එතරම් අපහසු දෙයක් නොවීය.

නමුත් ජනාධිපති තනතුර එසේ නොවේ. විහේෂයෙන් මෙ වකවානුවේ එය බෙහෙවින් අභියෝගාත්මක තනතුරකි. දැනට ලංකාවේ දේශපාලන තත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ හැර මේ සදහා වෙනත් කෙනෙක් සිටින බව පෙනෙන්නේත් නැත. දැනට ගෝඨා අසමත් බව පෙන්වීමට ගෙනයන ව්‍යාපාරය මගින් පෙන්නුම් කිරීමට උත්සාහ කරන කිසිදු කරුණක් සාධාරණ ඒවා බව පෙනෙන්නේ නැති. විවේචනයට භාජනය කළ හැකි දේ ඇත්නම් ඒවා ගෝඨාට පමණක් කළ හැකි විවේචන නොව දැනට ගෝඨා වෙනුවට පත් කළ හැකි ඔනෑම කෙනෙකුට විරුද්ධව කළ හැකි විවේචන වේ.

ඒ නිසා අඩුතරමින් ඉදිරි වසර දහය තුළ මේ ආණ්ඩුව පැවතීම අතිශයින් වැදගත්ය. යථාර්ථවාදී විකල්පයක් නොමැතිව මේ ආණ්ඩුව පෙරළීම සදහා අමුඩ ගැසීම දැනටනම් අතිශයින් මෝඩ දේශපාලන ක්‍රියාවකි. කළ යුත්තේ අපිට විකල්ප දේශපාලන මාවතක් අවශ්‍ය නම් ඒ පිළිබදව බැරෑරුම් ලෙස සාකච්ඡා කිරීමයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*