ගව මන්ට් (That) “ස” විෂ්

ගව මන්ට් (That) “ස” විෂ්

.

Priyantha Hewage Maathalan

.

රාජ්ජ සේවයට ඉන්ගිරිසියෙන් කියන්නේ ගවර්මන්ට් සර්විස් කියාය… සමාර විට සුද්දා මේ නම දාන්න ඇත්තේ අම්මට සිරි ලංකාවේ රාජ්ජ සේවය දැකලා ඊට උපහාර දැක්කීමක් ලෙස විය හැකිය. ගව යන්න ඉදිරියට යෝදා තියෙන්නේ ඒකය.

ගවයා කියන්නේ පට්ට කම්මැලි සතෙක්ය. උගෙන් වැඩ ගන්න නම් ඌ කෝටු මස් කරන්න ඕනෑය. ගොම්පස් ඇල්ලුවේ නැත්නම් ඕන තැනක වලිගය උස්සා ගොම දමන්නේය. උදේ ඉඳන් රෑ වෙනකන් චුවින් ගම් කනවා වගේ මක්කා හෝ කකා සිට රෑට වමාරා කන්නේය. ඒ සාමාන්‍ය හරක්ය.

එක හරකෙකුට හරකා කිව්වාට, හරක් දෙන්නෙක්ට කියන්නේ හරක් බාන කියලාය. ටිකක් වැඩිපුර ඉන්නවා නම් සෙට්ටෙකට කියන්නේ ගව ගාලක් කියලාය. එහෙම ගවගාලක් දියවන්නාව මැද්දේත් තියෙනවා කියා සමාර වේසා කොල්ලෝ කියනවාය.

එහෙත් විශේෂිත හරක් හදන්නේ ෆාම් හෙවත් ගොවිපලවලය. එයාලාට දෙන්නේ රට තනකොලය, වෙලාවට විටමින් වගේම පුනක්කුත් දෙන්නේය. සමාර එවායේ හෝමෝනත් දෙන්නේය. ඒවායේ පට්ටි හරක් කියා සෙට්ටෙක්කකුත් ඉනවාය. එයාලාට අරේටත් වඩා සැලකිලිය. එච්චර තප්පුලන්නේත් නැතිය. ඒත් ඉන්නේ අන්තප්පුරේ සජ්ජුරුවෝ වගේය.

අපේ රටෙත් එහෙම පවත්වාගෙන යන මහා පරිමානයයේ හරක් ගාලක් තියෙනවාය. ඒකට කියන්නේ “රාජ්ජ සේවය” කියලාය. මේ ළඟදිත් අපේ ජනාධිපතිතුමා ඒකට අලුතෙන් වස්සන් හා වැස්සියන් එකෙක් දෙන්නෙක් නොව එක් ලක්ෂ හැටදාහක්ම (160,000) බඳවා ගත්තේය.

ඔතනට එන හැම එකාම එන්නේ වැඩ කරන්න නෙමේය. ආතල් එකේ ඉන්නය. රාජ්ජ සේවා කොමිසමකුත් දමා උන්ට රැකවරණයත් දීලා තියෙනවාය. ඒ නිසා රටේ හැම එකාම ඉල්ලන්නේ ඔය ගව ගාලට එන්නටය. ප්‍රයිවට් සැක්ටර් එකේ රස්සාවක් කරපු එකාත් චෑන්ස් එකක් ලැබිච්ච ගමන් කරන්නේ පඩි අඩු උනත් ගවගාලට පනිනා එකය. ඒ අයිස් ගහන්නටය.

කසාදයට උනත් හොයන්නේ ගවගාලේම උන්ය. මොකෝ රටට හැමිනිලා ගියත් පඩියයි දීමනායි පැන්ෂොන් එකයි බුදු ෂුවර්ය.

රාජ්ජ සේවයේ උද්දෘත පාඨය අවිල්ලා “පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපල්ලා” කියනා එකය”

වාසනාවකට ඊයේ ජනාධිපතිතුමා ගියපු වෙලේ එකෙක්කත් නිදාගෙන උන්නේ නැතිය. සමාන්‍යයෙන් දවල් කෑවායින් පස්සේ ඕකුන් කරන්නේ නිදා ගන්නා එකය. එහෙම නත්නම් ෂොපින් යන එකය. නැත්නම් කැන්ටිමේය.

එකෙක්කත් මේසවල නැතිය. මේස ඔක්කෝම හිස්ය. එකෙක්ගේ මේස උඩ පත්තරම දෙකක්ය. සමාර විට ජර්නලිස්ට් කෙන්ක් හෝ, කලාකාරයෙක් වෙන්නට ඇතිය.

හැබයි ඇහුවොත් කියන්නේ… ගව මන්ට් ඔපීස් වල ඕවර් ඉස්ටාප් කියලාය. ඈදීගන්න පුටු මේස නැතෙයි කියලාය. ඉන්නේ එලියේ ගස් යටයි කියලාය.

මුන් රස්තියාදු කරපු ගෑණූ මනුස්සයා ඇවිලා තියෙන්නේ සල්ලි ගෙවන්නය. අඩු ගානේ මේ කාළකන්නින්ට සේවා කෙසේ වෙතත්, සල්ලි අරගන්නවත් කිසිම උවමනාවක් ඇත්තේ නැතිය. කැෂියර් නැත්නම් අනික් උන් සල්ලි ගන්නේ නැතිය. එයා නැති දවසට එන මිනිස්සුන්ට වෙන්නේ හැරිලා යන්නය.

කැෂියර් නැත්නම් අනෙක් උන් සල්ලි ගන්නේ නැතිය. මේ සීන් එක පෞද්ගලිකව මාතලන්ද අත් විඳ තියෙනවාය. එයා කෑමට ගිහිල්ලා නම් එයා එනකන් අපි බලාගෙන ඉන්න ඕනාය.

ජනාධිපති තියා දෙයියන්නාන්සේ ආවත් ඕකුන් ගනන් ගන්නේ නැතිය. අද ගියත් ඔතන තත්වය එසේමය. එතුමා ගියායින් පස්සේ… එයා ආවා අපිට කියා දෙන්න… කවදා ආන්ඩුවේ වැඩ කරපු වාහේ කෙනෙක්ද අපිට උගන්වන්න එන්නේ… මෙයා දන්නේ නෑ රාජ්ජ සෙවේ මොකක්ද කියලා …. කියා…. ඕකුන් උන්නැහේට පුකෙන් හිනා වෙන්න ඇතිය.

මොකෝ…. උන්ව එකෙක්ටවත් පනිෂ් කරන්න බෑ කියා ඕන එකෙක් දන්නවාය. ලොක්කා උනත්, එතන ලොක්කා හොයා හොඳ දේශනාවක් දුන්නේ නැතිය. මොකෝ ඕනෑම තැනක සර්විස් එකේ කොලිටිය රඳා පවතින්නේ, එහි මහ එකාගේ කෙරුවාව අනුව නිසාය. සම හරක් විට මහ හරකා හෙවත් පට්ටි ගොනා රේස් දමන්න හෝ ශාලිකා එකට අඩියක් ගහන්නට ගියා වෙන්නත් ඇතිය.

ලොක්කා කරන මේ වැඩේ ඒ කාළේ රණසිංහ ප්‍රේමදාසත් කලේය. උන්නැහේ කළේ හරක් ටික නැට්ට පුකේ ගසාගත් බල්ලන් හා බැල්ලියන් කරනා එකය. එයාගේ හැටි දන්නා උන් නැටි පුකේ ගහගෙන වැඩ කලේ උන්නැහේගේ ඔත්තු කරුවෝ හැම තැනම උන්නු නිසාය.

නාගරික හා නිවාස සංවර්ධන අධිකාරිය කියන්නේ ඒ කාළේ සොලිඩ්ම ආයතනයක්ය. එහි තුබුනේ පෞද්ගලික ආයතනයක පරිසරයය. එහෙත් අද ඒවා නියම හරක් ගාල්ය. මිහිපිට අපායන්ය.

කරන්නට ඕනෑ ඕවාට කඩා පැනලා තමන්ගේ තත්වය නැති කර ගන්නා එක නෙමේය. වෙනම ආයතනයක් පිහිටුවා කම්ප්ලේන් එක ගැන සොයා බලා එතන මහ එකාගේ පඩියට කෙලිනා එකය. එහෙම නැත්නම් ඩිමෝට් කරනා එකය. එහෙම නැතිව ඕවා හැදිලි බොරුය.

අපි හිතාන උන්නාව වඩා ජනාධිපති තුමා මානුෂික බව පෙනී ගියේය. එහෙත් අපට එතුමාට කියන්න තියෙන්නේ…. කෝටු මස් නොකර හරකුන් ගෙන් වැඩ ගන්න නම් හිතන්න එපා කියලාය.

වෙන ගවගාල්වල හරක්….. කිරි ගොම මෙන්ම මසටත් ගන්නට පුළුවන්ය.

එහෙත් මුන් රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් වෙන්කොට නඩත්තු කරගෙන යනු ලබන මෙලෝ රහක් නැති වන්දනාමාන කිරීමට පමණක් ඇති විශේෂිතම සත්ව කොඨ්ඨාශයක්මය..

ඒ වගත් මෙසේය..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*