කොස්ගස් හන්දියේ බෝ ගහ සහ බුරියානි.. ජවිපේ සහ පාඨලී…

කොස්ගස් හන්දියේ බෝ ගහ සහ බුරියානි.. ජවිපේ සහ පාඨලී…

.

Abeetha Edirisinghe

.

නන්න පෝල් වී, කුජීත වී සිටි ජෙපි ටෙලිෆෝන් ටොයි බලවේග වලට මේ දිනවල බල්ලන්ට ආප්ප දැම්මා සේ වී ඇත. ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කිවූ බිරියානි කතාවක් සහ ඊට සම්භන්ධයක් නැති කොස්ගස් හන්දියේ බෝ ගසක කතාවකි. නමුත් මේ කතා දෙක එකට කර ආතල් ගන්නට මේ බඩගින්නේ සිට ආප්පයක් ලැබු බල්ලන් සේ, ජෙපි ටෙලිපෝන් ටොයි බලවේගයට රස නහර පිනා ගොස් තිබේ..

2010 – 2015 ආණ්ඩුව ඇතුලේ සිට ජාතිවාදය පෝශණය කරමින් ගැටුම් අවුලමින්, ප්‍රකාශ නිකුත් කරමින් හලාල් ප්‍රශ්ණ අදිමින් මේ රට අවුල් වියවුලක් කරන්නට මූලික පිඹුරුපත් ඇන්දේ Patali Champika Ranawaka හිටපු අමාත්‍යවරයාය. BBC වෙබ් අඩවියට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේත් ඔහුය.

මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය අවසන් කරමින්, මේ රටේ සෑම ආගමිකයෙකුටම තම ආගම නිදහස්ව නිවහල්ව අදහන්නට අවස්ථාව ලබා දුන්නේය. ජවිපේ හොරෙන් අරලිය ගහ මන්දිරයට රිංගමින් පවත්වාගෙන ගිය ආණ්ඩුව අන්තවාදය පෝෂණය කරමින් පාස්කු ඉරිදාවේ බල්ලන් බළලුන් සේ මිනිසුන් ඝාතණය වන්නට දී ඇහැ කණ පියා සිටියේය. අදද ඔවුන් නියෝජනය කරන්නේ එකම පිලය. මරාගෙන මැරෙන බෝම්භ කරුවන් දෙදෙනුකුගේ පියා ජවිපේ ජාතික ලැයිස්තුව නියෝජනය කල දැනට අත් අඩංගුවේ පසුවෙන අන්තවාදියෙකි. ඒ වෙනුවෙන් රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගන්නා රිශාඩ් බදුර්දීන්, සහරාන් හා සාකච්ඡා පැවැත් වූ හකීම් සමගි බලවේගයේ පාඨලී හා අත්වැල් බැඳගෙන එකම වේදිකාවේ බලය ඉල්ලති..

ටැලිපෝන් ජෙපි ටොයි මිතුරනි, කෙටි කලකට බොහෝ දෙනෙකුත්, බොහෝ කලකට ටික දෙනෙකුත් රවටන්නට ඔබට පුලුවන.. නමුත් බොහෝ කලකට රටක් රවටන්නට ඔබට නොහැකිය.. ජනපතිවරණයේදී රටේ ජනතාව කණ පුපුරන්නට එල්ල කල පහරින් ඔබ තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. එහි ප්‍රතිපලය වන්නේ මහ මැතිවරණයේදී මුනින් වැනෙන්නටම ජනතා ප්‍රහාරය ඔබට හිමි වීමයි…

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කොරෝනා සටන පටන් ගත්විට ටෙලිපෝන් ජෙපි ටොයි ඔබ එක එක රටවල් දෙස බලා සැනසෙන්නට කීවත්, ඔබ කියූ එම රටවල් කොරෝනාවෙන් මුනින් වැටී සමතලා වී ඇත. කොරෝනා පොකුරු හඳුනාගැනීමත්, ඊට පිළියම් යෙදීමත් ඉතා කාර්‍යක්ෂමව සිදුවෙමින් පවතී. මේ දිනවල හඳුනාගැනෙන කොරෝනා පොකුරත් හඳුනාගැනෙන කඩිනම ඔබ වික්ෂිප්ත කරවන බව සැබෑය.. ලක්ෂ 69ක ඡන්දයේ ආඩම්බරය එයය. ඔබට නැති අපට ඇති ආඩම්බරය එයයි..

අදටත් ඔබ කරන්නේ ඉදිරියට යන රට ආපස්සට ඇඳීමේ ක්‍රියාවලියයි.. එයට සහය දෙන්නට ඔබේ සිත නැමෙන්නේ නැත. ඒ ජාතික අවශ්‍යතාවයට වඩා ඔබේ දේශපාලන කුහකකම ඉදිරියට පැමිණ ඇති බැවිනි. මහ ජනතාව මෙම කරුණ අවභෝධ කර ගත්තේ අද ඊයේ නෙවේ.. එම අවභෝධයේ ප්‍රතිපලය වූයේ ලක්ෂ 69ක් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත පුද කිරීමයි… ඔබේ වත්මන් ක්‍රියාවලිය ජනතාවගේ එම අවභෝධය තවත් තීව්‍ර කරනු ඇත.

ජෙපි ටෙලිපෝන් ටොයි මිතුරනි. අරහෙ බලන්න.. මෙහෙ බලන්න.. වට පිට බලමින් ඉන්න.. කෙලින් බලන විට ජනතාව ඔබව තනිකර දමා රටත්, ශ්‍රී ලාංකික ජනතාවත් ලෙස බොහෝ දුරක් පියමන් කර අවසන්ව සිටිනු ඇත.

ස්තූතියි මිතුරනි.. බල්ලො බිරුවට තවලම නවතින්නේ ගමනාන්තයේදී පමණි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*