කමලා හැරිස් වෙත ආදරෙන්….

කමලා හැරිස් වෙත ආදරෙන්….

සෙත් වේවා…!!!

හිතවත් කමලා අක්කා වෙත,

සුපුරුදු පරිදි ඔබේ සැප දුක කෙසේදැයි අහනා එක හරි නැතිය. අක්කා ඉන්නේ ෆුල් ආතල් එකේ බව මම දන්නවාය.

අක්කාගේ ඉස්පීච් එකෙන් ඒ බව අපි දෑසින්ම දැක ගත්තෝය. ඉතින් රිපලයි ලෙටර් එකේ මගේ සැප දුක අහන්නත් එපාය. මොකෝ අපිත් ඉන්නේ එසේය.

අක්කා එලෙව්වේ එක පිස්සෙකි. අපි පිස්සන් දෙන්නෙක්ම එලවලා දමා පුන් ෆන් එකේ සිටින්නෝය.

එකෙක්ට නම් ඇපෙත් කැන්සල් උනේය. කරුමේ කියන්නේ.. අක්කලාගේ මෙහේ බ්‍රාන්ච් ලීඩර් එයා වෙච්චි එකය. ඒ නිසා දැන් එයාලාගේ ගෝලයෝත් ඉන්නේ නන්න පෝල් වෙලාය. ඒ වෙනුවට අපි ඇමරිකන් කිරි ටොයියෙක් පත් කර ගත්තේය.

අක්කාට කියන්න අක්කේ.. අක්කා මෙහේ ආවොත් හෙම අක්කලාගේ සිහිණ ටොයියෝ මොකාද, ගං කඹරයෝ මක්කුන්ද කියා හඳුනා ගන්න බැරිව අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තියෙනවාය.

බුදුන් රස්තියාදුවේ ඇරිය සිහිණ ටොයියෝ දැන් හැම පෝයටම බණ අහනවාය. උන් වෙනදාට පෝයදාටත් කරේ බන තලනා එකය. දැන් උන් අමු ජාතිවාදියෝ වෙලාය. නම සඳහන් කලොත් ස්කර්බර්ග් කාරයා විසින් බ්ලොක් කරන අයගේ මළ මිණී පොලොවේ තැන්පත් කරනවාට දැන් එයාලා පොලොවේ පස් කනවාය.

ගං කඹර බයියෝ දැන් කිරි ටොයියෝ වෙලාය… ඊයේ පෙරේදා අක්කලාගේ යාලුවෙක් වෙච්චි පොම්පියෝ අයියා ආපු වෙලාවේ ලැජ්ජාවටද කොහෙද එයාලා ඇඳන් යටට වෙලා උන්නේ බයට නම් නෙමේය.

දැන් MCC නොව අක්කලා කියනා ඕනා දෙයක් එක පයින් සයින් කොරන්න එයාලා රෙඩිය. රට මැදින් නොව හරහට ගියත් එයාලාගේ කිසිම පරහක් නැත්තේය.

අක්කලා ආපු එකට වැඩියෙන් සතුටු වෙන්නේ සිහිණ ටොයියෝය. මොකෝ නාකින්ට රටවල් කරන්න බෑ කිව්වේත් උන් නිසාය. ඒ නිසා අක්කාට පුලුවන් නම් ඔය නාකියා මහළු මඩමකට දමා අක්කා ගේම ගෙනියනවා නම් ඒක එයාලාගේ ඉහලම සන්තෝසයය.

එයාලා දැන් අක්කා අපේ නෑයෙක්ය කියා මෙහේ ඉන්නා DNA විසෙසග්නයෝ විසින් සොයාගෙන තියෙනවාය. අක්කලාගේ කාට හරි හත්මුතු පරම්පරාවෙම DNA හොයා ගන්න ඕනෑ නම්.., මෙහේ ඒකට සුපිරි බඩු ඉන්නවාය.

අක්කාගේ ඔපීස් එකේ ලොකු නෝනාත් මෙහේ කෙනෙක් කියා එයාලා ආඩම්බරයෙන් ඉන්නවාය. ඉතින් එයා හරි.., සුමතිරන් එක්ක ඇපයාර් එකක් පටන් ගනියි කියා මෙයාලා විශාල බලාපොරොත්තුවකින් ඉන්නවාය.

සමහර විට ගෞතම සිද්ධාර්තත් මෙහේ කෙනෙක් නිසා.., ඒ කතා ඇත්තම වෙන්නත් ඇතිය. ඒ කෙසේ වෙතත් දැන් එයාලාගේ එකම සිහිණය අක්කාය කියා.. පත්තර කත්තුරු කෙනෙක් වන කේ සංජිව මහතා පේස් බුක් සටහනකුත් දමා තිබෙනවා අක්කා සමාර විට දකින්නත් ඇතිය.

එයාලා හිතාගෙන ඉන්නේ අක්කා ජනවාරි වල ඔපීස් එකට ආපු ගමන් මෙහේ ඉන්න ඇමරිකන් කාරයා එලවා දමා.., අක්කලා මෙහේ ඇවිත් පදිංචි වෙයි කියලාය.

හැබයි ඉතින් අක්කා අපේ ඇමරිකන් කාරයා එක්ක එකතු වෙලා අරවා මේවා සයින් කරලා ගං කඹරයෝ එක්ක ඩාන්ස් කරන්න ගියොත් අරුන්ගේ සිහිණේ බොඳවෙනවාය.

ඒ නිසා ඒ සිහිණය කුඩු කරන්නේ නැතිව ඇමරිකන් ෆෝසස් මෙහේට එවා සිහිණ ටොයියන් පමණක් ඉතිරි කර.., ඉරාකෙට ඇපගනිස්ථානෙට දුන්නා වගේ ගේමක් දෙන්න පුලුවන් නම් ඒක එයාලාගේ ඉහළම තන්තෝසයය.

හැබයි ඉතින් වැඩේ ලේසි වෙන්නේ නැත්තේ ගං කඹරයා මොකාද.., සිහිණ ටොයියා මොකාද කියා අයිඩෙන්ටිපයි කිරීමය.

ඇත්තම කියනවා නම් අක්කේ මෙහේ ඔක්කෝම ජීවත් වෙන්නේත් ඇමරිකන් ඩ්‍රීම් එකේය.

ඔය බයියෝ උනත් අක්කලා එක්ක මලෙන් ඉන්නේ අක්කලා එනවා එනවා කීවාට එන්නේ නැති නිසාය. ඒ නිසා එයාලාගේ ළමයි ටික ඔහේට එවන්නේ තොපි හරි එහේ ගිහින් අපිවත් ගනින් කියලාය.

අක්කා මේ කතාව අහලා පුදුම වෙන්නත් පුලුවන්ය. අක්කාට කියන්න මෙහේ ඉන්න මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, පිදෙල් කැස්සෝ, චේ ගුවේරා, මා ඕ සේතන් අයියලාගේ ළමයි ඉන්නේත් ඔහේය.

අක්කා MCC අස්සන් කරන්න හරි පොඩි සත්තමක් දාලා යන්න හරි මෙහේ ආවොත්.., අපේ ගෙවල් පැත්තේත් ඇවිල්ලා යන්නෙයි කියා ආදරයෙන් ඉල්ලා සිටිනවාය. ඒ එන කොට මක්කා නැතත් මට ඇමරිකන් පාස්පෝට් එකක් ගෙනවා නම් ඒ හොඳටෝම ඇතිය.

මේ දවස්වල එනවා නම් කොවිඩ් ටෙස්ට් අරවා මේවා කරන්න වද වෙන්න ඕනා නැතිය. ඒ සැටිපකටුත් ඕනා නැතිය. සිහිණ ටොයියෝ ඒවා ඉල්ලන්නේ චීනාගෙන ඉතරමය. ඇමරිකාවේ ඔක්කෝම කෝවිඩ් වලින් මලත් අපේ උන්ට අක්කලා විශ්වාසය…

ඉතින් අක්කේ මේ අවුරුදු හතරේ ඔය වයස 77 නාකි බයිඩන් සීයාට නාගන්න දී 2024 අක්කා ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස පත්වේවා කියා මම මගේ උන්ඩුකපුච්ඡයෙන්ම ප්‍රාර්ථනා කරනවාය.

ඒ සිස්ටම් ගැන අක්කාට අවබෝධයක් නැත්නම්. ඒ පිලිබඳ පොපෙසර්ලා මෙහේ ඉන්නා නිසා.., අක්කා මෙහේ ආවාම මට සෙට් කරලා දෙන්න පුලුවන්ය…

එහෙනම් අක්කේ අක්කාටත් බයිඩන් සීයාටත් සියළු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබී..

ඇමරිකාවේ සියළු දෝෂ භංග දුරින් දුරු වේවා කියා ආදරයෙන් පතන්නේ…

ආදරණීය මල්ලී,

ප්‍රියන්ත හේවගේ මාතලන්…

පසුව ලියමි – හදිසියේ හරි ට්‍රම්පට් කාරයා යන්න බෑ කිව්වොත් මට ටාර් ගා කෝල් එකක් දෙන්නය. මම අපේ ඒලියන්ත උන්නැහේට කියා කුන්ඩලණී කළයක් මතුරා අක්කාට DHL හරහා එවන්නන්ය. අක්කාට තියෙන්නේ උදෑසනම නා පිරිසිඳු වී ගොස් නයගරා දිය ඇල්ලට කුන්ඩලණි මුට්ටිය දමා මැදමුලන පැත්තට හැරි වඳිනා එකය. ට්‍රම්පට් අයියා මැලනියාත් දමා දුවන්නේ පස්ස නොබලාය..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*