කන පතේ රෙණ දේශපාලන පුලන්නෝ….

කන පතේ රෙණ දේශපාලන පුලන්නෝ….

ලාංකීය පක්ෂ දේශපාලනය තුල පක්ෂයේ දරදිය අදින්නන්ට සිඳුවන දරුණු අසාධාරණයක් ගැන මාතලන් ලියන්නේ දේශපාලනය ගැන ලියන්න පටන් ගත් දා ඉඳලාය.

එහෙත් පක්ෂවලට කඹුරන උන්වත්, ඊට එදිරිව සටන් කරන්නේවත් ලියන්නේවත් නැත්තේමය. ඒ තම පක්ෂයේ චන්දවලින් ගොඩ යන සුළු පක්ෂවල හාල්පාරුවන් ගැනය.

මීට හොඳම උදාහරණය ජෙප්පන් බර ගනනන් පාර්ලිමේන්තු ආ 2004 මහ චන්දයයි.

එහිදි, එකසත් ජනතා නිදහස් පෙරමුණ හා සංධානගතවන ඔවුන් සංධානය ආසන 105ක් දිනාගන්නා විට, ජෙප්පන් එයින් ආසන 39 ක් හෙවත් 37% ක්ම දිනා ගැනීමයි. මේ එවකට සිරි ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ චන්දයි.

එහෙත් මහපොලොවේ යතාර්ථය මෙය නොවන බව අද වන විට ඉතා පැහැදිලිය.

දිනෙන් දින වල පල්ලට යන ජෙප්පන්ට අද ඉතිරිවී තිබෙන්නේ තුන පමණය. එයිනුත් එකක් සංධාන ගහන්න ගොස් කෙලවා ගත් මැඩම් කෙනෙකුට දී, පස්ස කස කසා ඉන්නා තරමට අන්ත අසරනය.

එනයින් බලනා කල මෙවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් කරනා පත්වීම් ගැන සජිත් ප්‍රේමදාස ගත් නිර්භීත තීරණය අප සියල්ලන්ම අගය කළ යුතුය.

ඔහු පත් කලේ එජපයේ උන්ම පමනි. (ඩයනා පමණක් තුටු පඬුරකී)

සජිත් හා එක්වූ සුළු පක්ෂවල උන් සුපුරුදු තගරිය දමාගෙන ආවත් සජිත් උන්ව පයිසෙකට ගනන් ගත්තේ නැතිය.

එවන් කෙලින් තීරණයක් ගැනීම ඔහු වටා සිටිනා පාක්ෂිකයන්ට කල ගෞරවයකි.

මහ පක්ෂවල මේ දුර්වල ප්‍රතිපත්තිය හේතුවෙන් වාසි ලබා ගන්නේ දේශපාලන හාල්පාරුවන්ය.

තනියෙන් ඉල්ලුවොත් කන්න වෙන පරිප්පුව මුන් හොඳින්ම දන්නවාය. මේ එකෙක්වත් වැඩකාරයෝ නොවේ. එහෙත් නොම්මර එකේ වාචාලයෝ හෝ ගල් ආඳෝය. අනුන්ගේ පිට්ටනිවල බෝල ගසන්නෝය. දේශපාලන පරපුටුවෝය.

අද ආන්ඩු පක්ෂයට හිසරදයක් වී තිබෙන්නේ රෙද්ද අස්සේ දමාගත් මේ හාල් පාරුවන්ය.

තව දෙදෙනෙක් එජාපයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැනගත්තේය.

ඒ රාජිත හා පාඨලීය. උන් දෙදෙනාටම සජිත්ට කෙලින්න බැරි බව ඔප්පු වී තිබීම සජිත්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේද වාසනාවකි. සජිත් මේ විශඝෝර සර්පයින් කලිසම ඇතුලේ දමා නොගෙන තම ගමන යාම ඔහුගේ සුබසිද්දිය සඳහාම වන්නේය.

මේ ආන්ඩුව බලයට පත් වීමට පෙර ප්‍රථමයෙන් පැවත්වූයේ ජනාධිපතිවරණයයි.

එහෙත් ජනාධිපතිවරණයට ඝෝඨාභය ඉදිරිපත්වන්නේ, අද වඩාත් කතාබහට ලක් වී ඇති ද්විත්ව පුරවැසිභාවය විසඳාගෙන නොවේ.

අද ද්විත්ව පුරවැසිභාවය මහා ප්‍රශ්ණයක් වී තිබෙනා, විමල්, වාසු, විදුර, විජේදාස හා ගෙවිඳුලා එදා ඇමරිකන් පුරවැසියකු රටේ ජනාධිපති කර ගැනීමට පුක ඉරාගෙන දත කෑවේ රෙදි ඇඳගෙනද යකෝ කියා අහන්නට එකෙක් හෝ නැතිය.

විමල් ඔය තරම් වැඩ්ඩෙක් නම්…., මහින්දට, නාමල්ට, බැසිල්ට හා ඝෝඨාට 19 ව්‍යවස්ථාවෙන් භ්‍රහ්මදන්ඩණය පනවා තිබූ වේලාවක කරන්න තිබුනේ…..

ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් තෝරා ගන්නා ලෙස රාජපක්ෂලාට බලකිරීමය. එසේ නැතිනම් එයා සරම් අඳින්නේ නැති නිසා ගම්මන්පිල ජනාධිපති කරනා ලෙසට බල කිරීමය.

එහෙත් මුන්ට බල්ලෙක්වත් චන්දය දෙන්නේ නැති බව මුන් හොඳින්ම දන්නවාය. විමල්ට තනියෙන් ඉල්ලුවොත් මුලු ලංකාවෙන්ම චන්ද ලක්ෂ දෙකක් ඉතර ලැබෙන්වා ඇතිය.

ගොම්මන්පිලට නම් පෙරටුගාමින් තරම්ටවත් චන්ද ලැබෙන්නේ නැතිය. එයාගේ දෙවනියා වූ රණවිරු මධු මාධව සෙන්පතියා භූමියෙන් ඉවත්කර දැම්මේ ලැයිතුවේ අන්තීමයා කර දමමිනි.

වාසු තිස්ස හා අනෙක් වමේ හාල්පාරුවන්ගේ තත්වයද එසේමය. ඒ තබා මහා පොරවල් ලෙස සිතාගෙන උන් රනිල් වික්‍රමසිංහලාට හා රවී කරුණානායකලාට සිඳු වූ දේ මේ බක පන්ඩිතයින්ටත් හොඳ පාඩම්ය.

විජේදාස රාජපක්ෂ යනු අමු වස්ථාවාදියෙකි. එයා ආදරේ කරන්නේ රටට නොව තනතුරුවලටය. රාජපක්ෂලාගේ පිලට බල්ටියක් ගැහුවේ කැබිනට් ඇමතිකමක් බලාගෙනය. මේ වාගේ හාල්පාරුවන්ට කරන්න ඕනා එලව එලවා ගහනා එකය. මේ දඟලන්නේ අනිවාර්යයෙන් ඇමතිකමක් ගන්නටය. මේ වාගේ හාල්පාරුවන්ට ඇමතිකම් දී ලබාගන්නා විස්ස පස්සේ අතුල්ලා ගන්නා එක වඩා හොඳය.

විදුර වික්‍රමනායක කියන්නේ තවත් වැඩ බැරි ටාසන් කෙනෙකි. ජීවත් වෙන්නේ කටෙන් පමණි. එයත් මනාප වැඩියෙන් ගත් නිසා කැබිනට් ඇමතිකමක් බලාපොරොත්තුවෙන් උන් කෙනෙකි. කැබිනට් ඇමතිකම් තියා අගමැතිකම් දුන්නත් මෙලෝ රහක් නැති හාල්පාරු දේශපාලුවන් වැඩිම මනාපෙන් එවනා උන්ට මේවා හොඳ පාඩම්ය. මුන් දේශපාලනයට එන්නේ දේශය බැබලවීමට නොව. දේශපාලනයෙන් බැබලීමටය.

යුතුකම නමින් සංධානයක් හදාගත් උන් ගැන යුනිකෝඩ් භාවිතා කිරීම හෝ අපරාධයකි…

මුන් සියල්ලන්ම විකුණාගෙන කන්නේ රාජපක්ෂලා හා ඔවුන්ගේ යුධ ජයග්‍රහණය පමණි. උන් කල කිසිවක්ම ඇත්තේ නැතිය.

මේ සියල්ලෝම කරන්නේ කන පතේ රෙණ එකය. 20ට අකමැති නම්…, රාජපක්ෂලා හා සහයෝගයෙන් වැඩ කල නොහැකි නම්…, එයාලා එකාධිපතියෝ වෙන්න යනවා නම්…., දෙවන පුරවැසියන් දමාගෙන රට පාවාදෙන්නට යනවා නම්… එහෙම අති භයානය පිරිසක් හා දීග කනවාට වඩා…, ඩිවෝස් වී විපක්ෂයේ අසුන් ගත්තා නම්…., අපට උනත් මුන් මාර පොරවල් නේ යකෝ කියා සිතෙන්නට ඉඩ තිබෙනවාය…

එහෙම දාලා ගිය උන් අතීතයේ උන්නද, උන්ගේ නමක් ගමක් හෝ අද වන විට ජනතාවට මතක ඇත්තේ නැතිය. ඔවුන් සෝඩා බෝතල් වීරයෝය.

මේ කරන්නේ විස්සේ පිහිටෙන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම හා අපිත් රාජපක්ෂලා එක්ක පවා ගේම් ඉල්ලබ පොරවල් ඩෝ කියා මුන්ට චන්දය දෙන හාල්පාරුවන්ට ආතල් එකක් දෙන එකය.

විමල් හා ඔහුගේ ගෝලයෝ කියමින් සිටින්නේ පෝට්ටුව හදා රාජපක්ෂලා යලි බලයට ගෙනාවේ එයාලා කියලාය. ඒ බව ඔප්පු කිරීමට අනගි අවස්ථාවක් මේ මොහොතේ උදා වී තිබෙනවාය.

දැන් කරන්න තියෙන්නේ…, පෙම් හසුන් ලිය ලියා, නිමල් සිරිපාලලාට තක්කඩි කිය කියා… පිස්සන් වගේ හැසිරෙන්නේ නැතිව, 20 ට චන්දය විමසන අවස්ථාවේ පොට්ටුවෙ බයියෝ ටිකත් එකතු කරගෙන 20 ට විරුද්ධව චන්දය දී…. විස්ස රාජපක්ෂලාගේ පස්ස පැත්තේ ගහලා දාන එකය.

ඒ කරලා පලාත් සභා චන්දයට තනියෙන් ඉල්ලා…,

තමන්ගේ උන් මහ ඇමතිකමට දමා… ඒවාට බලය ඉල්ලා රාජාපක්ෂලාට අරිනා එකය…

මේ කිසිවක් කිරීමට ඔය එකෙක්ටවත් බැරිය. උන් කරන්නේ මම තමුසෙට බය නෑ ඕයි කියා නහයෙන් අඬනා පොඩි උන්ගේ භූමිකාව නිරූපනය කිරීමය. මුන්ට චන්දය දෙන ගොන් බයියෝ දෙයක් සිහි තබා ගත යුතුය.

ඒ මේ වාගේ කන පතේ රෙණ උන්ට මනාප දී මුන්ගේ රැඟුම් බලනවාද කියනා එකය.

බැසිල් රාජපක්ෂලා කල යුත්තේ මින් පසුව සංධානගත නොවී…, තනියම චන්දවලට යා හැකි පරිදි ජනතාවගේ ආදරය දිනා ගත හැකි පරිදි රට කරවන එකය.

එතකොට ඩීල් දාන්න ඕන වෙන්නේ නැතිය. ජනතාව රාජපක්ෂලා රැක ගනු ඇතිය.

එජාපයේ මහා චරිත ලෙස උන් සියල්ලනම බල්ලා මාක් කල සජිත් ප්‍රේමදාස ආදර්ශයට ගෙන කටයුතු කිරීම මහ පක්ෂවල සංවිධාකයින්ට ලබා දුන් හොඳ දේශපාලනික පාඩමකි.

ඒ වගත් මෙසේය…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*