කතාව අහලා හිටන්….

.
.
කතා අහල නිදාගන්න ලැහැත්තිව හුළිජ්ජ කොරන්න එළි බැස්ස විතරයි.. ටෝච් පාරක්.. පෝර බෑග්ගෙහෙක මක්කදෝ දාගත්තු මනුස්සයෙක්.. ක්රාඃ තුඃ… කියන කොටම..
මල්ලි මේ ටීවී එක අරංතියා තියන්න..
අඩේ මහින්දයියෙ මොකෝ මේ..
නෑ මල්ලි තව වාරික එකොලහක් තියෙනො ගෙවන්න.
මොකෝ උස්සන්න ඒවිය කියලයි.. අම්මට කෙළවනෝ එහෙනං..
නෑ නෑ.. තාත්ත පොරොවත් උහං මේකට කොටන්න වලි කනෝ..
අර මොකෝ..
විත්තර කියන්න වෙලාවක් නෑ මේක හංග තියන්නකො..
හරි මුත්ත වැටෙං මෙහා එන්නෑ.. මොකද්ද උනේ කියහංකො.
පෙරෙයිද ඉඳං අර කතාව අහන්න ආසාවෙං උන්නෙ.
ඉතිං..
තාත්ත එක සැරේටම වෙනස් උනා මල්ලි. උන්දැල හිතං හිටි දේවල් නෙවෙයිනො ඕකෙ කියවුනේ..
“ගනිං ඔය ලාම්බුතෙල් බෝතලේ මෙහෙට්ට. කෝ උලව් ලෑලි වට්ටුව තැරි ගහල ලාපියව් ඕක මට මැල ගහන්න. අරං වර වක්කැත්ත..!!”
හරි.. දැං උඹ ගිහිං රේඩියක චරස් බුරුස් කියල කරකවල නිවහංකො.
ඒකත් කැති ගාවන්නෙයි උඹ හදන්නෙ.
හරි උඹ කොරපංකො. කියල පෙරවං හිටි වහන්තරාව පිටිං මං මුත්තගෙ ඇඳ තියෙන ජනේල් පළුව අයිනෙ එළියෙං වාඩි උනා.
මම… “හෙට ඉඳල පරිප්පු සහ සැමන් මිල වහාම ක්රියාත්මක වන පරිදි අඩු කිරීමට හමුදාවට නියෝග කළා..” කියල එළියෙ විසික් කොරල තිවුනු පුංචි එකාගෙ කැඩිච්ච නළා කටක් කටට කිට්ටු කොරං මං කිව්වා..
මුත්තට නින්ද ගියා..!!
මානෙල් අක්ක තේ හදන්න ගියා..
මහින්දයිය මට අරක්කු ගේන්න කළු මාමලැයි අහ ගියා..