ඒ 60,000 ත් රටට බරක්.

ඒ 60,000 ත් රටට බරක්.

.

Image may contain: 1 person, smiling

Dr. Piyal Ariyananda

.

මැතිවරණ පොරොන්දුවක් පරිදි උපාධිධාරීන් 60,000 කට රජයේ රැකියා ලබා දෙන්නට රජය කටයුතු කළේ මෑතකදීය. මෙයින් බහුතරය කලා සහ වානිජ්‍ය අංශයෙන් විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර අධ්‍යාපනය සහ බාහිර උපාධි අධ්‍යාපනය ලද තරුණ තරුණියන් වන අතර අතලොස්සක් විද්‍යා අංශයේ අධ්‍යාපනය හදාරා ඇත. සමහරු ජීවිත කාලයටම කිසිදු රැකියාවක් කර නැති අතර තවත් සමහරු පෞද්ගලික අංශයේ කරමින් සිටි රැකියා අතහැර දමා මේ පත්වීම් ලබාගෙන ඇත.

මේ තරුණ තරුණියන් කණ්ඩායම් වලට බෙදා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව විවිධ පෞද්ගලික ආයතන වෙත සති තුනක පුහුණුවක් සඳහා යොමු කර ඇත.

ඔවුන් එන්නේ උදෑසන 8.00 ට වන අතර සවස 4.15 වන විට පුහුණුව නිමා කර නිවෙස් කරා යාමට අවශ්‍ය බව සඳහන් කරති. කාන්තාවන් සාරිද, පිරිමින් දිගු කලිසම සහ අත්දිග කමිසයකින් සැරසී මේ පුහුණුවට පැමිණෙත්. එය නීතියකින් කොටු කර ඇති බව දැනගන්නට ලැබුණි.

මේ තරුණ තරුණියන් 25 දෙනෙකු දවසක් පුරා පුහුණු කිරීමට මට ද අවකාශ සැලසුනි… මේ ඒ පුහුණුවෙන් පසු මගේ අපේක්‍ෂාභංගත්වය පිටතට පුපුරා ගිය ආකාරයයි.

ඔවුන් බොහොමයක් දෙනා පෙර පැවසූ පරිදිම කිසිදු රැකියාවක් කළ අය නොවන අතර සමහරු දරුවන් දෙතුන් දෙනෙකුගේ මව්වරු වේ. නිවසේ ඇතිතරම් අවකාශ තිබුණද, මිදුලේ එළවලු පැලයක් හෝ නොසිටවූ බොහෝ දෙනෙකු ඒ අතර විය. බොහෝ දෙනාගේ අවශ්‍යතාවය වී තිබුණේ උපාධිය ලබා ගත් දින සිටම රජයේ රැකියාවකට යාම විනා, පෞද්ගලික අංශයට යාමට නොවේ. ඒ නිසා නිසි රැකියා නොලැබුණ බව ද දැනගන්නට ලැබුණි. ගුරුපත්වීම් ලබා ගෙන නොතිබුණේ එය කරදර වැඩක් නිසාවෙනි. වසරකට මාස තුනක් නිවාඩු තිබුණද අධික වැඩ නිසා ඔවුහු බොහෝ දෙනෙකු ගුරුවරු වීමට අකමැත්තක් දක්වා තිබුණ අතර එය ජාතියේ වාසනාවක් බව මම පැවසුවෙමි.

ඒ කිසිදු කෙනෙකුට හරිහැටි ඉංග්‍රීසි දැනුමක් නොතිබූ අතර, පරිඝණකය හෝ අන්තර්ජාලය භාවිත කරන්නේ ෆේස්බුක් යාමට පමණක් බව බොහෝ දෙනා පැවසීය. ඒ බොහෝ දෙනෙකු ෆේස්බුක් භාවිත කරති.

ඔවුනට කිසිදු සාමාන්‍ය දැනීමක් නොමැත. සරළ දේශපාලනික හෝ සමාජයීය සාමාන්‍ය දැනීම විමසීමේදී ඒ බව දැනුනු අතර ලෝක දේශපාලනය හෝ වෙනත් සමාජයීය දැනුම නැත්තටම නැති තරම්ය. ලිපියක් ලියා ගැනීමට වත් හැකියාවක් නැති මොවුන් අනාගතයේ රජයේ රැකියාවලට යොමු කළ පසු රටට මොන තරම් බරක් දැයි මට හැඟුනි.

තවත් සමහරු පෞද්ගලික අංශයේ විවිධ රැකියා කර, මේ අවස්ථා ලබා ගත් අය වෙති. ඒ අයගේ ප්‍රධානතම නිදහසට කාරණා වන්නේ.

  1. පෞද්ගලික අංශයේ වැඩ අධික වීම
  2. වැඩ අධික වීම නිසා දැනෙන මානසික පීඩනය
  3. රැකියා සුරක්‍ෂිත භාවයක් නොමැති කම
  4. තමන්ගේ පෞද්ගලික කටයුතු කර ගැනීමට වෙලාවක් නොමැතිකම
  5. තමන්ට පෞද්ගලික අංශයේ පිළිගැනීමක් නැතිකම
  6. ණය ගැනීමේදී ලැබෙන අඩු පොලී පහසුකම්
  7. වයස 60 න් පසු ලැබෙන විශ්‍රාම වැටුප්
    ආදියයි…

මේ සියල්ල වසරක් පුරා මසකට රැපියල් 20,000 ක දීමනාවක් සහ පසුකාලීන වැඩුප් සහ දීමනා වර්ධකයක් බලාපොරොත්තුවෙන් ගන්නා ලද තීරණයන් වේ.

ඔවුහු තමන්ගේ දක්ෂතා, දුර්වලතා කිසිවක් හඳුනන්නේ නැත. කණ්ඩායම් ක්‍රියාකාරකමක් දුන් විට එය කුඩා දරුවන්ටත් වඩා දක්ෂ ලෙස අනා ගනිති.
ප්‍රශ්න කිරීම හෝ යමකට අභියෝග කිරීම අතිශය පසුගාමීය…
වෙනස් වීමට පුදුමාකාර අකමැත්තක් ඇත
පවතින ක්‍රමයේ අවම ශක්තියක් වැය කර උපරිම ප්‍රතිලාභ ලැබීමේ පරම පිවිතුරු චේතනාව සහිත කණ්ඩායමකි.

කියන්න නම් ඕනෑ තරම් දේ ඇත….

අපගේ බදු සල්ලි වලින් මේ 60,000 නඩත්තු කරමින් මැතිවරණ පොරොන්දු ඉශ්ඨ කර දීමට සිදුවීම ගැන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මට ඇත්තේ දැඩි කණගාටුවකි.

මේ කණ්ඩායම රජයේ සේවයට එක් වුවද, ඔවුන් කරන ඉටිගෙඩියක් නැත… ඔවුන් ද පෙර කණ්ඩායම් මෙන්ම පුටු රත් කරමින් අකාර්යක්‍ෂමව රජයේ සේවයට බරක් වන කණ්ඩායමක් බව මට හැඟේ.

මා මෙන්ම, ඔවුන්ට පුහුණුව ලබා දුන් අනෙකුත් සම්පත් දායකයින් තිදෙනෙකුම, මා දරන මතයේම සිටීම, මා වැරදි නැති බවට ලැබෙන සහතිකයයි.

ලංකාවට මාර වැඩේ වුනේ…..
ගොඩ ඒමක් ලඟපාතකවත් නෑ….
IELTS කරලා ස්වාසීලන්තෙටවත් යමු
අනාගත්ත ආශ්චර්යය…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*