එජාපයත් අවසන් ගමන් යයිද..?

එජාපයත් අවසන් ගමන් යයිද..?

.

.

ප්‍රියන්ත හේවගේ මාතලන්

.

මෙවර මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් නොවේය. එහි තීරණාත්මක බවක් ඇත්නම් ඒ මැතිවරණය නියම දින පැවැත්වීමට හැකි වේයිදෝ නොවෙයිදෝ යන්න පමණමය. ලොව පුරා කොරෝනා වසංගතය දරුණුම තත්වයකට පැමිනීමත්, අප රටේ පාසල් විවෘත කිරීමට පටන් ගැන්මත් තරමක අවදානමක් ඇති දේය. එහෙත් මාතලන්ගේ මතය නම් කුමන තත්වයක් රටේ පැවතියද, අයිඩෙන්ටියද නැතිව චන්ද කොලේ පමණක් අතේ අරගෙන චන්ද පොලට ගිය රටක, මහ මැතිවරණය පැවැත්විය යුතුමය යන්නය. නැතිනම් කෙලවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටය.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන විරුද්ධ පාක්ෂිකයන්ට හා පක්ෂ වලට ආන්ඩුවට විරුද්ධ සටන් පාඨ ඇත්තේ නැතිය. විකල්ප ඇත්තේද නැතිය. නැවතත් කියන්නේ 2015 ගැසූ බයිලා ටිකමය. අවුරුදු පහක් රට පමණක් නොව අධිකරණයද පාලනය කල උන් ආයෙත් ඒ බයිලාම ගසනා එක මාර ලොල් සහගතය.

වම නියෝජනය කරනා රතු අලි පැටවුන්ට හිමිවනුයේ ආසන එකක් හෝ දෙකක් පමණය. දෙමළ සංධානය ලබා ගන්නා ආසන ප්‍රමාණයට විශාල වටිනාකමක් හිමි වනු ඇත්තේය. එහෙත් පසු ගිය කාළයේ ඔවුන් රාජපක්ෂලා හා වගා කරගත් හොඳ හිත දිගටම පවත්වාගෙන යනු ඇතිය යන්න අපගේ විශ්වාසයය.

දෙකට කැඩුන අලි පාටියේ බහුතර චන්ද ටෙලිපෝනයට හිමි විය හැකිය. එය ඔවුන්ගේ චන්ද වලින් 70% -75% ක ප්‍රතිශතයක් ලබා ගනු ඇත්තේය. එජාපයේ ගම් මට්ටම තනිකර ඇත්තේ සජිත්ගේ පිලේය. මොකා උන්නත් ඔරිජිනල් UNP කාරයා කවදත් දෙන්නේ අලියාටමය. එය හරියට පංච මහා බලවේගයේ සිරි ලංකා නිදහස් පක්ෂ කාරයෝ වගේය.

රනිල් වික්‍රමසිංහ අසාර්ථක නායකයකු බව අද සියල්ලෝම පිලි ගන්නවාය. ඇත්තටම බැලුවොත් රනිල් කර තිබෙන්නේ ඇම්බියුලන්ස් සර්විස් එකක් ගෙනා එක පමණය. අනෙක් සියල්ල ජේ ආර් හා ඇතුලත්මුදලිගේ කොන්සෙප්ට් වලට ඇමති ලෙස පෙනී සිටීම පමණය. එය හරියට රනිල්ගේ ඇම්බියුලන්ස් ක්‍රේඩිට් එකට හර්ෂ ද සිල්වා උප්පැන්න ලියනවා වාගේමය. රනිල් කිසි දේකට එයාගේ නම දාන්නේ නැත්තේ එහෙම දාන්න එයා කරපු දෙයක් නැති කම මිස වෙන හේතුවක් නෙමේය.

කැඩී කුඩු වී ගිය පක්ෂය නැවත ගොඩ නැගීම රනිල් සිටින තුරා සිහිණයක්ම පමණක් වන්නේය. චන්දයෙන් පසු සියල්ල අමතක කොට දෙපිරිස නැවත් සාමයෙන් එකතු වූවහොත් මිස. සිරිකොත බලය අල්ලන්න ගියෝත් වෙන්නේ දිනපතා අළුත්කඩේට යන්නය. රනිල් කියන්නාක් මෙන් එජාපය හැර ගිය උන් එකෙක්ටවත් හරි ගියේ නැති බව ඇත්ත කාරනයක්ය. එහෙත් මෙවර ඒ කතාව අදාල වන්නේද නැද්ද යන්න තීරණය වන්නේ මැතිවරණ ප්‍රතිඵලය අනුවය.

මෙසේ කඩාගෙන යාම් මහ පක්ෂ දෙකේම ඉතිහාසය තුල ලියවී ඇති බව කවුරුත් දන්නවාය. මෑත ඉතිහාසයේ රණසිංහ ප්‍රේමදාසට දෝශාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ පක්ෂයේ පිරිසක් ගලවාගෙන ගිය ලලිත් හා ගාමිනීගේ අවසානය ඉතා ඛේදජනක වූ ඉරනම් වලින් කෙලවර විය. ඒ මොහෝතේ රනිල් උන්නේ ප්‍රේමදාස සමගය.

චන්ද්‍රිකාලා විජයලා, අම්මා එක්ක තරහවී මහ ගෙදරින් ගියද අවසානයේ රටේ ජනාධිපතිනිය වූයේ සිරි ලංකා එකේ චන්දවලට පින් සිඳු වන්නටය. චන්ද්‍රිකා නොව අනුරද එසේ ගොස් එජාපයටද එකතු වූ අතර අවසානයේ නැවත මහ ගෙදරටම පැමිනියේය.

සජිත්ගේ බලාපොරොත්තුවද එයය. ඔවුන්ගේ සටන ඇත්තේ රාජපක්ෂලා සමඟ නොව රනිල් වික්‍රමසිංහ සමගය. ඒ සිරිකොතේ බලය අල්ලා ගැන්මටය. එහෙත් එසේ අල්ලා ගත්තත් සජිත්ගේ දේශපාලනය විකල්පයක් නොවේ. ඔහු සිතනවා ඇත්තේ මහින්ද රාජපක්ෂ මෙන් තමන්ටද එජාපයේ සියළු බලවේග එකතු කර ගත හැකි වේ යයි කියා වෙන්නට ඇතිය. එහෙත් එසේ එකතු කර ගැන්මට තරම් ඔහු බලවත් පුද්ගලයකු නොවේ.

තම පක්ෂය, පක්ෂ සමාජිකත්වය, පමණක් නොව ජනාධිපතිකමද අහිමිව කිසිවක් නොමැතිව උන් මහින්ද නැවත නැගී සිටියේ ඔහු ලෙජන්ඩ් එකක් වූ නිසාමය. මිනිසුන් ඔහු සොයා කාල්ටන් ගියේ කවුරුවත් කියලා හෝ ඕගනයිස් කොරලා නොවේය. එබැවින් ඔහුගේ නව බලවේගය වටා, ඔහුට ආදරය කල පිරිස පමණක් නොව, රට ගැන කැක්කුමක් ඇති සියලු පිරිස එක් වූයේය.

එහි ගෞරවයෙන් විශාල කොටසක් අප කැමති වුවද අකමැති වුවද විමල් වීරවංශගේ නමටලිය තැබිය යුතුමය. පක්ෂයේ සියල්ලෝම පාහේ පක්ෂය කඩාගෙන ගිය සිරිසේනගේ නැට්ටේ එල්ලි දිවිය ලෝකේ යන්න එකතු අතර, මහින්දලා එක්ක ඉතිරි වූයේ ඔහුට ආදරය කල ජනතාව හා සිරි ලංකා එකේ දෙවනි පෙල පිරිස බව රාජපක්ෂලාත සිහි තබා ගැනීම ඔවුන්ගේ පැවැත්මට බොහෝ සෙයින් උපකාර වනු ඇත්තේය. ඝෝඨාගේ එකතු වීමද ඊට විශාල ශක්තියක් විය. මහින්දගේ නම ඉතිහාසයේ ලියවනුයේ දුටුගැමුණුලා සමඟය. අනෙක් පිරිස දස මහා යෝධයන් අතර තිබිය හැකිය.

එහෙත් සජිත්ට එවන් දෙයක් කල හැකියයි මාතලන් නම් සිතන්නේ නැතිය. ඔහුට කිසිඳු විකල්පයක් නැතිය. කරලා තියෙන්නේ ලඳු කැලෑ එලිකොට කුකුල් කූඩූ සෑදීම හා සංස්කෘතික අරමුදලට කෙලීම පමණය. ඩුප්ලිකේට් රාජපක්ෂලා මිනිසුන්ට තවත් ඕනා නැතිය. මීළඟ පරම්පරාව වෙනුවෙන්ද නාමල් රාජපක්ෂ අභිෂේක කොට හමාරය. ඔහු තරඟයට එන 2030 වන විට රාජපක්ෂලාගේ වැඩ පිලිවලට විකල්පයක් ලෙස නැගී සිටිය හැකි නම්, සජිත්ට යම් කිසි ජයග්‍රහණයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිය.

එහෙත් නාමල් රාජපක්ෂ දැන් දැන් පෙන්වන දේශපාලන පරිචය, දැක්ම හා හැසිරීම ඇත්තේ සජිත්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් බවද ලීයා තැබිය යුතුමය.

බොහෝ විට අලි පාටියේ හයි ක්ලාස් අලින්ට වන්නේ, එක්කෝ පින්නවල යාමටය, එහෙම නැත්නම් රාජපක්ෂලාට එකතු වන්නටය. රනිල් යනු 1946 ආරම්බ කළ දැවැන්ත පක්ෂයක් කනත්තට දැක් වූ පියා ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*