උතුරේ නිවාස 7000 කට විදුලිය ලබා දීමට ජොන්ස්ටන් පෙරමුණ ගනී..

උතුරේ නිවාස 7000 කට විදුලිය ලබා දීමට ජොන්ස්ටන් පෙරමුණ ගනී..

.

සිසිත සුයාම

.

එකම කොඩියක් යට විවිධ ජාතින් මහ පොළවට මරාගනිද්දි අපේ රටේ ඒ සීමා මායිම් බිඳින්න පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම උත්සහ ගත්තා. ඒ අතරින් මහින්ද රාජපක්ෂ යුගය විශිෂ්ඨයි. උතුරු වසන්තය තුළින් අපේම දෙමළ සහෝදර සහෝදරියන්ට සංවර්ධනය යන්න කිමැයි කියන්න ඇස් දෙකටම දෘශ්‍යමාන කරන්න බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් ගත් ක්‍රියා මාර්ග අද උතුරේ ජන ජීවීතය ඉහලට ගෙනියන්න හයියක් වෙලා.

පාලම් පාරු වලින් එගොඩ ගිය මිනිස්සු දිගට දිගේ දිවෙන කොන්ක්‍රීට් පාලම් වලින් එතෙර වෙද්දි, අලි නාවන තඩි වළවල් තිබ්බ පාරවල් වෙනුවට කාපට් පාරවල් ඉදිවෙමින් උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය තුළින් දෙමළ ජනතාවට කුඩම්මාගේ සැළකිලි නොකරන වග පසක් කරන්නට එදා මහින්ද ආණ්ඩුව ගත් උත්සහය ජාත්‍යන්තරයේ පවා නොමඳ පැසසුමට ලක් උනා.

පොත පත, බැට් බෝල අල්ලන් ළමා කාලය ගත කරන්න තිබ්බ දමිළ තරුණ තරුණියන්ගේ දෑත් වලට රළු ආයුධ ලබාදුන් ත්‍රස්තවාදය නිමා කරලා උතුරට යාල් දේවිය නැවත ගමන් කරද්දි වෙඩි හඬක් ඇහෙන මානයේ තල් වැට පාමුලට මුවා වෙච්ච ඒ අතීතයට සමුදෙමින් උතුරේ ජනතාවට නියම ප්‍රජාතන්ත්‍රවාදය අත් විඳින්නට පාර සැකසුවේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. ඒත් විවිධ දේශපාලන අන්තවාදීන් විසින් දෙමළ ජනතාව දේශපාලන පළිහක් කර ගනිමින් වෛරයේ අළු යට ගිනි පුපුරු වලට අදටත් හුස්ම පිඹිනකොට ගෝඨාභය ජනාධිපතිතුමා, මහින්ද අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව දමිළ ජනතාවගේ වෛරයේ ගිනි නිවන්න අද සහෝදරකමින් දෑත් දිගු කරනවා.

ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩපිලිවෙල සාක්ෂාත් කරගැනීම සඳහා වු තවත් කඩඉමක් ජයගන්නට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් අද වසන්තයත් අරන් යාල්පානමට නෑගම් යනවා.

ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ උපදෙස් පරිදි 2021 වර්ෂයේ යාපනය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා වු සාකච්ඡාවක් අද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලංසා, නාලක ගොඩහේවා, ඉන්දික අනුරුද්ධ, ඩග්ලස් දේවානන්ද, අංගජන් රාමනාදන්, සනත් නිෂාන්ත, ජීවන් තොණ්ඩමන් යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සාකච්ඡාව නියෝජනය කරන්නට යාපනයේ ආණ්ඩුකාරතුමිය පී.එස් එම්. චාල්ස් මහත්මිය වගේම සී.වී. විග්නේෂ්වරන්, ආබ්‍රහම් සුමන්තිරන් වගේම මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ, මග නැගුම සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත යන අයත් සහභාගි වෙනවා.

මෙම සාකච්ඡාව අතරතුරදි ආණ්ඩු පක්ෂය නියෝජනය කල කණ්ඩායම උතුරේ දමිළ ජනතාව ගැන ඉතා සංවේදිව බලද්දි විග්නේෂ්වරන් හා සුමන්තිරන් මෙම සාකච්ඡාවටත් තමන්ගේ අන්තවාදි දේශපාලනය ඇද ගන්න කටයුතු කළා. ඒත් ඒ අවස්ථාවේ නොබියව පිළිතුර දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙරළා ප්‍රශ්ණ කර සිටියේ “ඔබතුමන්ලා සහයෝගය දුන් යහපාලන ආණ්ඩුවෙන් උතුරට ලබා දුන් සංවර්ධන කටයුතු මොනවාද” යන්නයි.

මෙම සාකච්ඡාවේදි ගත් හොඳම තීන්දුව ගත්තේද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විසිනුයි. ඒ යාපනය සහ කිලිනොච්චි නගරවල විදුලිය නොමැති නිවාස 7000කට කඩිනමින් විදුලිය ලබාදීම සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විදුලිබල ඇමතිවරයා සමග තමන් ඉක්මනින්ම සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කරමින්. ජාතින් අතර විරසක භාවයක් ඇති වීමට මෙම ඇති නැති පරතරය බලපාන බැවින් කඩිනමින් යාපනය හා කිලිනොච්චි ජනතාවට විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසටද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා නිලධාරීන්ට එසැණින්ම උපදෙස් ලබා දුන්නා.

ක්‍රියාශීලි, කඩිසර, දැක්මක් ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අද යාපනයේදි පැවති මෙම සාකච්ඡාව වාචික හා ලිඛිත ක්‍රියාදාමයන්ගෙන් එපිටට ගෙන ගොස් ක්‍රියාවෙන්ම දමිළ ජනතාව තුළ විශ්වාසය ගොඩ නගා ගැනීම සඳහා දැමු අඩිතාලම ඉතාම ප්‍රශංසනීයයි. ඒ රුපියල් මිලියන 54.5 ක ඇස්මේන්තුවක් ඇති කි.මී. 1.23 ක්වු නඩෙංකුලම පුල්ලයාර් කෝවිල් මාර්ගයෙත්, රුපියල් මිලියන 488.1 ක ඇස්තමේන්තුවකින් යුත් කි.මී. 1.6ක් වු යාපනය නව වෙරළ මාර්ගයේ (කරයුර් – රකේලමරේශන් මාර්ගය ඹ්-198) දක්වා වු කොටස සංවර්ධනය කිරීමේ ආරම්භය සනිටුවන් කිරීමයි. මාස හයක හා නමයක කොන්ත්‍රාත් කාල සීමාවක් තුළදි මෙම සංවර්ධන කටයුතු අවසන් කිරීමටද කටයුතු කර තිබීමයි ඉතාම වැදගත් වන්නේ.

ඕනෑම රටක ජනතාවකගේ යටිතල පහසුකම් සංවර්ධනය වු පසු හා මුලික අවශ්‍යතා ඉටුවු පසු කිසිඳු අන්තවාදි දේශපාලනයකට ඔවුන්ව යටත් කර ගැනීමට නොහැකියි. මෙසේ වර්තමාන ආණ්ඩුව විසින් නැවතත් ගිනිගත් උතුරේ ජන ජිවීතයට සිහිල් පැන් ඉසීම හෙන්දිරිකා මල් කැකුළු සේ සිනාසෙන දමිළ දරුවන්ගේ අනාගතය උතුර දකුණ යා වන පදනම කරන්නට මුලිකත්වය ගෙන වසන්තයත් රැගෙන යළි උතුරට නෑගම් ගිය ආණ්ඩු පක්ශයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් හට අපගේ ස්තුතිය පිරිනැමිය යුතුයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*