ඉල්මනයිට් කතා වස්තුව.

ඉල්මනයිට් කතා වස්තුව.

කිරින්ද වෙරළ තීරයේ ඉල්මනයිට් හා ගානට් ඛණිජ වැලි නිදියක් මතුවෙලාලු.කර්මාන්ත ඇමති විමල් මහත්තය ඊයේ එහේ ගිහින් ඒක බලන්න.බලලා ඒක රජයට පවරා ගැනීමේ ජාතික කර්තව්‍යය ඉෂ්ඨ කරන්න.ඒ වෙනුවෙන් චමල්ගෙයි,නාමල්ගෙයි ආරාධනයෙන් ආව කියලත් කියලා.කොහොම හරි විමල්ට ඉස්සෙල්ලා එතන මිනිස්සු ඒ නිධිය කනින්න ඉන්දියන් සමාගමක් එක්ක ගිවිසුම් අත්සන් කරලා.විමල්ටත් එතනදී ඒක කියනවා.ඒත් විමල්ට ඒවා අදාළ නෑ.දේශප්‍රේමියානේ.අපේ රටේ එක බිම් අගලක්වත් නොරටුන්ට දෙන්නේ නෑ.මේ නිධිය රජයට පවරා ගෙන ඒ ආදායම රාජ්‍ය භාණ්ඩාගාරයට දෙනවා කියලා විමල් එතනදී සිංහ නාද කරනවා.

ඇත්තටම රටේ සම්පත් රජයේ මැදිහත් වීමෙන් කළමණාකරණය වෙනවා නම් කොච්චර වටිනවාද?ඒ ආදායම රාජ්‍ය භාණ්ඩාගාරයට එනවා නම් ඒ මුදල් ආපසු යෙදවෙන්නේ අපේ රටේ අවශ්‍යතා වෙනුවෙන්. ඒ වගේම රටේ සම්පත් පිටරට සමාගම්වලට නොදී රැක ගන්නවා නම් කොච්චර හොදද?ඒ වෙනුවෙන් හඩ නගන මිනිස්සුන්ට අපි කොන්දේසි විරහිතව ආදරය කරනවා.ඒත් මෙතන විමල්ගේ සිංහ නාදය මට නං බලු කෙඳිරියක් විතරයි.මොකද රටේ සම්පත් නොරටුන්ට දෙන්නේ නෑ කියන විමල් කැබිනට් එකේදී කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ අදානී සමාගමට දෙන්න අත උස්සනවා.මතකනේ විමල් කිව්වා ඉන්දියාවට බැරි නම් බටහිර ඉන්දියාවට දෙන්න කියලා. මේ ආණ්ඩුව යටතේ පිටරට සමාගම් එක්ක ඇති කරගත් හැම ගිවිසුමකටම විමල් අත උස්සනවා.අත උස්සලා ඇවිත් ඒවා බැසිල්ගේ ගිණුමට දාලා අත පිහදා ගත්තා.එතකොට ඒවා විමල් කියන මේ රටේ බිම් අඟලට අයිති වෙන්නේ නැද්ද?ඔන්න ඔතනදී තමයි සිංහයා බලු වෙන්නේ.

ඇයි විමල් මෙතනදී විතරක් ඉන්දියානු සමාගමක් එක්ක එකතු වෙලා වැලි කනිනවට විරුද්ධ?සැබෑ දේශප්‍රේමය එකපාරට ඔලුවට ගැහුවාද?එතන හිටපු කාන්තාවක් විමල්ට මෙහෙම කිවිවා.රජයට ගත්තොත් රජය කනවා අපට දෙන්නේ නෑ කියලා.ඒ කතාව මමත් පිළිගන්නවා.රජය ගත්ත ගමන් කන්නේ ඇමතියා.ඇමතියාගේ ඥාතියොයි, ගෝලබාලයොයි.අර ජල්තර නිවාස ටික විමල් ඥාතීන්ට බෙදුවා වගේ.මම කියන්නේ විමල් ඊයේ ගියේ රජයට පවරා ගැනීමේ මුවාවෙන් කිරින්දේ ඉල්මනයිට් නිධියටත් වැඩේ දෙන්න කියලා.මම ඒක විවෘතව කියනවා.මම ඒක කියන්නේ විමල් ගැන තියෙන ඉතිහාස අත්දැකීම් එක්ක.ඕනි නම් විමල්ට මට විරුද්ධව නඩු කියන්න පුළුවන්.

කිරින්දේ ඛණිජ වැලි නිධියට වැඩේ දෙන්න ගියා කියන ඒකට හොදම උදාහරණය තමයි පුල්මුඩේ ඛණිජ වැලි සමාගමට අයත් ඛණිජ වැලි මෙට්‍රික් ටොන් 85000 කට විමල්ලා දුන්න ගේම.අද ලෝක වෙළඳ පොලේ ඉල්මනයිට් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240 ක් විතර වෙනවා.2020 අවසාන කාර්තුවේදී පුල්මුඩේ ඛණිජ වැලි සමාගම ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 85000 ක් විකුණන්න ටෙන්ඩරයක් කැදවනවා. එයාලා ඉල්මනයිට් ටොන් එකක ලන්සුව විදිහට ඇමරිකන් ඩොලර් 185 ක් තියලා ටෙන්ඩර් දානවා.එතකොට ටෙන්ඩර් ප්‍රොෂීඩියර් එකට අනුව ටෙන්ඩරය දෙන්න ඕනි වැඩිම ටෙන්ඩරයට.ඒ කියන්නේ 185 ට වඩාත් කිට්ටු ලන්සුවට.මේ ටෙන්ඩරයට ගැනුම්කරුවන් හතර දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා.වැඩිම එක 165 යි.දෙවෙනි එක 163 යි, තුන්වෙනි එක 147 යි.දැන් මොකද්ද කරන්න ඕනි කියලා කවුරුත් දන්නවා.එතන ඇවිත් තියෙන වැඩිම ලන්සුවට ඩෙන්ඩරය නිදහස් කරන්න ඕනි.

හැබැයි ඇමති විමල් මොකද කළේ.සමාගම අපේක්ෂා කළ මිල ගණන් ගැනුම්කරුවන් ගෙන් ඉදිරිපත් වෙලා නෑ කියලා ඒ ටෙන්ඩර් අවලංගු කරනවා.අවලංගු කරලා හදිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා පුල්මුඩේ ඛණිජ වැලි සමාගමේ සේවකයන්ගේ වැටුප හා බෝනස් ගෙවීමට මුදල් අවශ්‍යයි කියලා.ටෙන්ඩර් කැදවීමකින් තොරව ඉල්මනයිට් තොගය විකුණන්න කැබිනට් අනුමැතියත් ගන්නවා.අරගෙන අර තුන්වන ටෙන්ඩරය දාපු ගැනුම්කරුවට ටොන් එකක් ඇමරිකන් ඩොලර් 147 ගානේ දෙනවා. එතකොට 165 ට නොදී 147 ට දිමෙන් වෙන පාඩුව ඇමරිකන් ඩොලර් 18 ක්.එතකොට එතන මෙට්‍රික් ටොන් 85000 ක් තියනවා. මෙතන සිද්ධ උන වංචාව ලංකාවේ රුපියල් වලින් හිතුවොත් කොච්චරක්ද?ඇමරිකානු ඩොලර් මිලියන 1.58 ක්.

මේ සල්ලි ගියේ කාගේ සාක්කුවටද?මේ වංචාව වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ කවුද?කැබිනට් එක ගොනාට ඇන්දුවේ කවුද?ඉතින් මම විමල්ට හොරා කියන එක වැරදිද?ඕක විතරක් නෙවෙයි මේ රටේ මැණික් සම්පත විමලුයි,ගොලයොයි මංකොල්ල කනවා.වෙන එකක් තියා විමල්ගේ දේශපාලන මණ්ඩලයේ ඉන්න අයට පඩි ගොවන්නෙත් මේ රටේ මහජන මුදල්වලින්.මේවා රටේ සම්පත් නෙවෙයිද?මහජන දේපල නෙවෙයිද?දැන් කවුරු හරි අහයි විමල් විතරද හොරකම් කරන්නේ කියලා.නෑ විමල් විතරක් නෙවෙයි. තවත් අය හොරකම් කරනවා.හැබැයි එහෙම අහන මෝඩයන් හොදට මතක තියාගන්න ඕනි අපේ දේශපාලන ගර්භාෂය ධනේශ්වර එකක් නෙවෙයි.

අපි ආවේ පහළ පන්තියෙන්.අපි උපතින් වාමාංශිකයෝ නොවුනත්.අපි පිළිගත්තේ සමාජ සාධාරණය.ඒක අපට ඉගැන්නුවේ විජේවීර.විජේවීර කියන්නේ විමල් වගේ දේශපාලන කාලකණ්ණියෙක් නෙවෙයි. ජීවිතය බේරගන්නවත් සල්ලි ඉදිරියේ දණ නොගහපු මිනිහෙක්.ඒ දේශපාලනයෙන් ආපු අපට හොරකම් කරන්න තියා එහෙම හිතන්නවත් අයිතියක් නෑ.අපි දේශපාලනයේ කොතැන හිටියත් ඒ ප්‍රතිපත්තිය රකින්න ඕනි.කොච්චර උනත් ජවිපෙ තවම හොරකමේ චෝදනාව ගා ගෙන නෑ.ඒක නිසා ධනේශ්වර දේශපාලුවන්ගේ හොරකමට වඩා මේක වෙනස්.මේක නින්දිතයි.ම්ලේච්ඡයි.ඒක නිසා මම කියන්නේ විමල් කිරින්දේ ගියේ ඒ කුණු රහට.විමල් දැන් ඉල්මනයිට් රස හොදට අඳුරනවා.මම විමල්ට දිගටම හොරා කිව්වා. එදත් කිව්වා,අදත් කියනවා.හෙටත් කියනවා. අද ඒ සේරම හොරකම්වලට අමතරව ඉල්මනයිට් හොරා කියලත් කියනවා.එහෙම කියන ගමන් මේ ඉල්මනයිට් කතා වස්තුව අවසන් කරනවා.

ප්‍රියන්ජිත් විතාරණ.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*