ආර්තික විද්‍යාව… බන්දුල ගුණවර්ධන “සර්”…. රොටරි නුගේගොඩ – මොන්ටානා ගම්පහ……

ආර්තික විද්‍යාව… බන්දුල ගුණවර්ධන “සර්”…. රොටරි නුගේගොඩ – මොන්ටානා ගම්පහ……

.

Hirantha Herath


දේශපාලනයට පැමිණීමට පෙර ආචාර්‍යය බන්දුල ගුණවර්ධන ශූරීන් ආර්තික විද්‍යාව උගන්වන ටියුෂන් ගුරුවරයෙකු විය. නිකන් ‘ටියුෂන්කාරයෙකු’ නොව අති සාර්තක ටියුෂන් ගුරුවරයෙකු විය. කාලයක් ලංකාවේ ජනප්‍රියම ආර්තික විද්‍යා ගුරුවරයා වූයේ බන්දුල ගුණවර්ධන ශූරීන්ය.

ලංකාවේ තවත් අති සාර්තකම ටියුෂන් ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල ශූරීන් සහ බන්දුල ගුණවර්ධන ශූරීන් දැනට ටික කලකට පෙර රූපවාහිනි විවාදයකට ආවේය. සන්නස්ගල ශූරීන් එහිදී බන්දුල ගුණවර්ධන ශූරීන් ගැන තැනක මෙසේ සදහන් කලේය.

“මේ බන්දුල සර්ලා අපි ඉස්සර ටියුෂන් කරන කාලයේ ගෙවල් වලට සල්ලි ගෙනියන්නේ ගෝනි වල.”

සන්නස්ගල ශූරීන් ඒ කියුවේ සාර්තක ටියුෂන් ගුරුවරෙකුගේ ආර්තික හැකියාවයි.

ඇත්තෙන්ම සාර්තක ටියුෂන් ගුරුවරයෙකු යනු අති විශාල ධනස්කන්දයක හිමිකරුවෙකි. එවන් විශාල ධනස්කන්දයක් ඉපයීමේ කිසිම වරදක් නැත. එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ඉපයීමකි.

ඒ අති විශාල ධනස්කන්දය ඉපයීම පිටුපස අපට නොපෙනෙන විශාල කැපකිරීමක් ඇත. මහන්සියක් ඇත. දහඩිය, කඳුළු ඇත. දවසම හිටගෙන සිටිය යුතුය. උගුර ලේ රහ වෙනකල් කතා කල යුතුය. පවුලේ අයත් සමඟ ගමනක් බිමනක් යාමට කාලයක් නැත. යකා බැදගත්තා වැනිය.

ටියුෂන් රස්සාවේදී ළමයින්ට නිකන් විෂය කරුණු කොපමණ ඉදිරිපත් කලත් හරියන්නේ නැත. ඒවා ආකර්ශනීයව ඉදිරිපත් කල යුතුය. අසන්නාට රසවත් විය යුතුය. දෙපැත්ත කැපෙන වචනයක් කුණුහරුපයක් දෙකක් නිතර කිව යුතුය. මුඛරි විය යුතුය. වචනයෙන් ගසා ඇට්ටර කොල්ලන් මෙල්ල කල යුතුය. යකෙක්ටවත් බය නැති සිංහ රාජයෙක් බවට තමන් ගැන ප්‍රතිරූපයක් අර කතාවෙන්ම ගොඩ නගා ගත යුතුය. ලස්සනට ඇදිය යුතුය. බෙල්ට් එකේ පාටින් සපත්තු දෙක තිබිය යුතුය. කිරි ටොයියා කාර් එකකින් පැමිණිය යුතුය. කිරි ටොයියා මාස හයෙන් හයට අලුත් කල යුතුය.

මේ ඉහත සියලු සාදක අවිස්සාවේල්ලේ ඈත ගමක් වූ මාබුල ගමෙන් ආ බන්දුල ගුණවර්ධන ශූරීන් සතුව තිබුනේය. ඒ නිසා බන්දුල ශූරීන් ලංකාවේ නොම්මර එකේ ආර්තික විද්‍යා ටියුෂන් ගුරුවරයා විය.

දැන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ශූරීන්ව හිතෙන් අමතක කර, අර ඉහත දැක්වූ ආර්තික විද්‍යා ගුරුවරයා වූ බන්දුල ගුණවර්ධන “සර්ව” වෙළඳ ඇමති හිටපු තැනට ආදේශ කරගෙන මෙතැන් සිට මෙය කියවන්න.

(එය බන්දුල ශූරීන්ගේ වොයිස් එක හෙවත්, යමෙකු අග්ගලයක් කන ගමන් ප්ලේන්ටියක් බොමින් කතා කරන වොයිස් එකෙන්ම කියවිය යුතුය.)

බන්දුල ගුණවර්ධන ශූරීන් ටියුෂන් පන්තියට පැමිණ පාඩම පටන් ගනී…..

“දැන් ළමයි අපේ ගමේ, ඒ කියන්නෙ අවිස්සාවේල්ලෙ මාබුල ගමේ ආතර් මුදලාලි කියලා කෙනෙක් කඩයක් කලා. ඔය කඩෙන් තමයි ගමේ මිනිස්සු හාල්, සිල්ලර, තුනපහ, භූමිතෙල්, කරවල, පොල්තෙල් ඔක්කොම ගන්නේ.”

“දවසක් ළමයි හරි වැඩක් උනා. මොකක්ද දන්නවද? මේ කඩේට බඩු ගන්න ආව ජොසපිනුයි රොසලිනුයි කඩේ ඉස්සරහම කෙහෙවලු දෙක පටලව ගත්තා. හරියට බට කැලේට ගිණි ගත්තා වගේ… නගර සභාවේ පයිප්පෙ ඇරියා වගේ… ගිණි කන්දක් පුපුරලා ලෝදිය වැගිරෙනවා වගේ… මේ වලිය දාගත්තු උන් දෙන්නම වලියෙ කියන කුණුහරුප මැදට ඉදලා හිටලා හොද වචනත් එකක් දෙකක් දානවා.”

“දැන් ලමයි දෙන්නම එක එකීගේ කැරැට්ටුව එළි කරන වෙලාව. දෙන්නම තරඟෙට කියනවා එක එකී නිදාගත්ත තැන් ගැන. නිදාගත්ත වෙලාවල් ගැන. නිදාගත්ත අයවලුන් ගැන. නිදාගත්ත වාර ගාන වගේ ඒවා ඔක්කොම. ඒවා කියලා කියලා ඉවරවෙලා දෙන්නගෙම ආයුධ ගබඩාව හිස් වෙනවා. උන් දෙන්නගෙම උගුර කට වේලෙනවා”
(බන්දුල සර් මෙය ටිකක් රඟපා පෙන්වයි.)

“ළමයි, අපේ මාබුල ගමේ සිරිතක් තිබුණා ගෑනු රණ්ඩුවකදි කියන්න ඕන කතා ටික ඔක්කොම කියලා ඉවර උනාම, අර ආයුධ ගබඩාව හිස් උනාම කරන දෙයක්. ඉස්සෙල්ලාම අයූධ ටික ඉවර උන කාන්තාව මොකද කරන්නේ, තමන්ගේ දෑතින්ම තමන්ගේ ඇදිවත ඉහලට ඔසවලා පෙන්වනවා. එහෙම මුලින්ම ඇදිවත ඉහලට එසවීමට සමත් කාන්තාව තමයි එදා දවසේ ජයග්‍රාහිකාව වෙන්නේ”

“දැන් අර මං මේ කියන දවසේ ළමයි, ආතර් මුදලාලිගේ කඩේ ලඟ රන්ඩු උනේ අපේ ගමේම හිටපු ජොසපිනුයි රොසලිනුයි නේ. එදා ඉතිං රොසලින් තමයි මුලින්ම ඇදිවත උස්සන්න සමත් උනේ. රෙද්ද උස්සපු රොසලින් ‘ඉඳා ගනිල්ලා’ කියලා ජොසපින්ටයි බලන් ඉන්න අපිටයි එයාගේ නිදන් වදුලම පෙන්නුවා”
(පන්තියේ කෙල්ලන් හොරෙනුත් කොල්ලන් කෙල්ලන් දෙස බලා හයියෙනුත් සිනා සේ.)

“ළමයි එදා හිච්චි කොල්ලෙක්වූ මාත් එක්ක මේ රණ්ඩුව බලන් හිටියා මගේ පන්තියෙම හිටපු ජයසේකර කියලා මගේ යාලුවෙක්. ගමේ උනාට ජයසේකරයා මේ ගෑණු දෙන්නව දන්නෙ නෑ.”

“ජයේ මගෙන් ඇහුවා ‘මචං බන්දු කවුද බං අර රෙද්ද්ද උස්සලා විජේවීරගෙ රැවුළ පෙන්නුව ගෑනි’ කියලා.”

“මං කිව්වා ‘ඒ බං සුවාරිස් මාමගෙ පවුලනෙ’ කියලා.”

“ඉතිං ළමයි අපි කාගේ හරි කසාද බිරිදට මොකක්ද ගමේ කියන්නෙ? පවුල කියලා නේද?”

“ඉතිං ළමයි මේ මෙතන පවුලකට සති දෙකකට අවශ්‍ය හාල් කියන්නෙ, සුවාරිස්ගෙ පවුල වූ රොසලින් වගේ තනි කසාද ගෑනු කෙනෙක් පමණක් සති දෙකකට කෑමට ගන්නා හාල් කිලෝ ප්‍රමාණයයි. රොසලින් සති දෙකකදි කිලෝ කීයක හාල් කයිද?”
(ළමයෙක් උත්තරයක් කියයි)

“ඔව්… අන්න…. හරියටම හරි…… හාල් කිලෝ තුනයි “

“සමහර දවසට රොසලින්ට කෑම ටික පිටිනුත් හම්බෙන නිසා සමහර සති දෙකක කාලයේ හාල් කිලෝ තුනක්වත් රොසලින්ට යන්නෙ නෑ. ඕක තමයි ලංකාවෙම පවුල් වල තත්වේ.”

“ඉතිං ළමයි හොදට මතක තියාගෙන විභාගෙට උත්තර ලියනකොට ආපහු මතක් කරගන්න ඕනේ පවුල කියලා ප්‍රශ්නයක් අහපු ගමන්ම, එතන පවුල කියලා අහලා තියෙන්නෙ ගම්වල බිරිඳට පාවිච්චි කරන වචනය බව. ඒ අනුව ලංකාවේ සිටිනා පවුල් ගනන, පවුලක වියදම ඔය මොනදේ ඇහුවත් අපි හොදට මතක තියාගන්න ඕනේ ඒ ඇහුවේ අර උඩ උදාහරණයේ කියපු සුවාරිස් මාමාගේ පවුල වූ රොසලින් වැනි තනි කාන්තාවන් ගැන බව.”

“එහෙනම් ලබන සෙනසුරාදා ආයිත් හමුවෙමුයි” කියා බන්දුල සර් පන්තිය නිමා කලේය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*