ලවනිස්ට පිස්සූ..

ලවනිස්ට පිස්සූ..

.

Sampath Susantha

.

ලවනිස්ට පිස්සු හැදෙන්නේ එහෙමත් දවසකට
අසූහාරදාහට නගිනකොට….
එහෙම දවසට ගෑනුන්ගෙ අම්ම මතක් කරනවා ජයටම….
සම්පකාරේ ස්තෝප්පුවේ කලු කුමාර සමයම නටන ගොම්මන….
කෝචෝක් එකට ගන්නවා ලවනිස්ව එහෙම දවසට හොදටම……
බීට් අලයක් වගේ පාට තිබිච්චි මූනකට….
රෑන මැඩිය පදුරක හීතලක් ගෙනාපු කටහඩකට….
හාතවාරිය වැලක මල් වගේ ගොඩපර නානු ගෑ කොන්ඩෙකට…..
ලවනිස් ලව් කරනවා ආදරේ ඉස්මෝලෙටම අරං ලේ බඩ යන්නටම…..
පිස්සෙක්ගෙ ආදරේ එහෙමයි ඕයි….

බොක්ක පිරිසිදු පිස්සු පීකුදු හිතත් උගෙ පට්ටෙටයි මෘදු…..
ලවනිසුත් ලව් කරා ඉතිං බං නැට්ට වනාගෙන ඒකි ලග…
බෙට්ට කඩාගෙන ඩේසි ලග…..
වෙසක් එක ලංවෙද්දි ඌ අතින් පින්තාරු වෙසක් පත් ඇදුනා…
ඒකි දිය එබෙන කොට දිය පෙරෙන තට්ටමට…
උණ ලීයෙ බටනලා වැයුනා….
පැරිස් ටින් පවුඩර් අරං ඌ ඒකි ලග ප්‍රේමයෙන් වැනුනා…
බුල්ටො අහුරක් දීපු ගුරුපාට හවසකම කට දෙකොන ආදරේ පෙරුනා….
ඒ තමයි ලවනිස්ගෙ ආදරේ ….

එකම එක මැයි මහක නැකත් අම්බානෙටම තිබුනා…
ඩේසිගේ ඇග කදේ ලස්සනට කපුරු සුවදක් එක්ක
ලවනිස්ගෙ වෙරලු මල් සරමෙ මැද නැගුනා….
“අපිත් බදිමුද ලගදි”
“ආදරේ පන ඩේසි “
උගෙ හිතේ තදියමට කියවුනා….

ඒකි වෙසමුනි වරම් අරගෙන
” මට මේක එපා” යැයි ගස්සගෙන
උගෙ ලගින් සදහටම බොදවුනා….
තල්කොස්සෙක් වගේ අඩ අඩා ඇලට පැන්නත්
පූරුවේ පිනකට බේරුනා….
කබල්ලෑවෙක් වගේ ගුහා වැදුනත්
මැරෙන්න හිතුනු වාර නම් අනන්තෙට පිපුනා….
ගල් මූසලයෙක් වගේ ඩේසි ඌව දැක්කත්
කංස දුම්, බීඩි දුක ඇහුවා….
ඉලුක් ගාලෙනුත් පිට අහස් දුර සිපගත්ත
කශිය වඩියත් දුකට ඇඩුවා….
කාලයක් ග්‍රැමොක්සෝන් හොයාගෙන
ඌ හාඩ්වෙයාර් පීරුවා…
ලත්පදුරෙ තැබෑරුම වහනකං
මහරෑත් හොදටෝම බිව්වා….
කකුල් අත පය මේස පිහියෙන් කපාගෙන
සික් එකට හොදටෝම ඇඩුවා….
අහස උඩ බලාගෙන දැඩිමුන්ඩ දෙවියන්ට කුනුහබ්බ කිය කියා
නිරිවස්තරෙන් ඌ නැටුවා…..
ඊට පස්සෙයි ඌට පිස්සු හැදුනේ ….

කක්කුස්සි උතුරද්දි වලට බැස
ගලිය වී ගෙවල්වල සොච්චමට ඉස්සා…
ගම්මිරිස් හොන්ඩරේ පෝරකොට්ටත් බාන අතර මැද
කංස බී ඇඩුවා…
තොවිල් පිංකම් පොලක ඉනුත් සමහර දාට
කොට්ටෝරුකනුත් ඌ කෙරුවා….
වැඩ නොමැති දවස්වල මිනී මුල්ලේ වලෙන්
මාලු බා රා බොන්න වික්කා….
ඒ තමයි ලවනිස්ගෙ දැං පිස්සු ජීවිතේ ……

දියකරං වකුගඩුව නිතරෝම හැලි කශිය මීවිතේ ……
අනෝරා හෙන ගහන රීරි යක් බෙර තලන…
මලබෙරේ ගෙරි හමක් වැයුනා…
හීතලට හිනාවෙන ලවනිස්ගෙ කටහඩට
කොහු කබේ ගැට දාර පෙගුනා….

තෙමුනු තෙල් කරවලෙක් ඇහේ කදුලක් රැගෙන
රීප්පෙක බඩ ගගා ඇඩුවා…
පාන්දර ලවනිස්ගෙ වැහි හුලං පද්දවන ගූ හැලෙන මලමිනිය
සම්පකාරේ පරාලෙක දුකින් වැනුනා….

ඩේසිගේ මගුල් දා එදාමයි අම්මපා
පතල් මුදලාලියෙක් ඒකි බැද උන්නා ….
හනිමූන් නැකතටම මගුල් කාර් එක යද්දි
බොරලු මැද ලවනිස්ගෙ හර්ස් එක පෙනුනා….

ඩේසි ගිනි කිකිළි වී මාල හත පලන්දා
හිමි රජුගෙ බ්ලේසරේ කදුලු කැට හැංගුවා…..
වීසි වී යන දාට ආදරේ කුමකටද
රේසරෙන් මැනික් කැට එම්බාම් කෙරුවා……..

වෙඩින් එකක් කියන්නේ
රූට් පෝමිට් එකක් දෙන කච්චේරියකට…..
මරණාදාර සමීතියක් කියන්නේ
බූට් එකක් කාපු එකෙක්ට පින් අනුමෝදන් කරන මෝචරියකට…….

(sampath susantha මුහුද පාට වුනු සිකුරාදාවල් කාව්‍ය සංග්‍රහය )

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*