ජසින්ඩා කියන්නෙ ප්‍රොපගැන්ඩා ක්‍රියාවලියක්.

ජසින්ඩා  කියන්නෙ  ප්‍රොපගැන්ඩා  ක්‍රියාවලියක්.

.

Sujeewa Kokawala

.

ජසින්ඩා කියන්නෙ ස්වාභාවිකම ප්‍රොපගැන්ඩා ක්‍රියාවලියක්. ඒත් කතාවෙන් ඔබ්බට එයාගෙ ක්‍රියාකලාපයන් බලපාන්නෙ කොහොමද?

ජසින්ඩා කරන සමහර කතා සහ ක්‍රියා අතර පුදුම පරස්පර තියෙනවා. උදාහරණයකට සන්ක්‍රමනිකයන් බහුල මුස්ලිම් පල්ලියකට සුදු අන්තවාදියෙක් වෙඩි තබා පනස් ගානක් මරාපු වෙලාවේ හිජාබයක් දාගෙන ඔවුන් වැළද ගන්න කාලෙම ඇය සන්ක්‍රමන කෝටාවෙන් 1/3 කට වඩා කැපුවා, ඒත් ප්‍රසිද්ද වුනේ සරනාගාත කෝටාවෙන් ඒ කපාපු එකෙන් පහෙන් පන්ගුවක විතර චූටි තරමක් වැඩි කර එක පමණයි. සමස්තකයක් ලෙස වාර්ශිකව සන්ක්රමණිකයන් විසිපන්දාහක් පමන අඩු කෙරූනා නෙට් රිසල්ට් එක ලෙස. ඒ කාලෙම ඔස්ට්‍රෙලියාවෙ භාවිත නොකල මයිග්‍රේශන් කෝටා කොටස ඉවත් කරල ඒක මෝඩය වගේ ප්‍රසිද්දියෙම කිව්ව මොරිසන් ආන්ඩුව සන්ක්‍රමනික විරෝදි ලෙස ලොක වාසිය රෙජිස්ටර් කලා.

දරිද්‍රතාවයට ආදරය බෙදන්නට කතා කිරීම එකක් දරිද්‍රතාවය ඉවත්කරනන් ප්‍රායෝගික ආර්තික වැඩසටහන් ක්‍රියාත්මක කිරිල්ල වෙනකක්. ඕකෙ දෙවෙනි එක කරන්නෙ දුප්පතා ගැන ප්‍රේමයෙන් නොවෙන්නත් පුලුවන් ඒත් දුප්පතාට වැඩක් තියෙන්නෙ ඒකයි. ජසින්ඩාට කලින් දිගුකාලයක් උන්නු ජෝන් කී එහෙම කෙනෙක්. මිනිහට දුප්පතා ගැන ලොකු කැක්කුමක් තිබ්බෙ නෑ ඒත් මිනිහගේ අට වසර තුල ආර්තිකය නග්ගපු තාලෙට ඉබේම සමාජයෙ පහල අඩියට යහපතක් වුනා. එත් මිනිහ කවදාවත් දුප්පතාට ආදරේ නොබෙදු නිසා ලෝක වාසිය ඒක නෝටිස් කරන්නෙ නෑ.

පළමු ලෝකයෙ තමන් ඉන්න ස්තානය එක්ක නොසිතු විරු මට්ටමින් මිනිස්සු සාගින්නෙ ඉන්න දරුවන් ද්විතියික මට්ටමෙ එමන්ද පෝශණයෙන් පෙළෙනෙ රටක් නවසීලන්තය. හේතුව ජනගහනයෙන් 1/5 පමණ වන ම-ඔරි සහ පැසිෆික් ප්‍රජාවගේ ජීවන තත්වය පහළ අඩියක පැවතීම. සුද්දන් සහ සෙසු සන්ක්‍රමනිකයන් ඊට වඩා ඉහල ජීවන තත්වයක උන්නත් නවසීලන්තයට නරක සන්වර්දන දර්ශක එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙ ඒකයි. ඒක සන්කිර්ණ ප්‍රශ්නයක්. ඒක ජසින්ඩාගෙ ම චන්ද පොරොන්දුවක් වෙන්නෙත් ඒකයි,ඒත් ඒකට ආදරය බෙදල මදි.

පවතින වාතාවරණය තවත් තීව්‍ර වන්නෙ ජසින්ඩාගෙ කෝවිඩ් පොලිසි එක නිසා. මම මුල සිටම වලකා ලීම හෙවත් ප්‍රිවෙන්ශනිසම් එක්ක එකග වෙන කෙනෙක්.ඒත් මන් හිතන්නෙ ඒක කරන්න ඕනෙ භුමියෙ තත්වය මත ක්‍රමයෙන් වැඩිවෙන රිස්ට්‍රික්ශන් දමීමෙන්. ඉස්සෙල්ල පොඩ්ඩක් තද නීතුයක් දාල ඒකෙන් අඩු නොවේ නම් තව ටිකක් තද කරල. මෙහෙම තමා සාර්තකව කෝවිඩ් මර්දනය කල ඔක්කොම රටවල් ඒක කලේ.

ඒත් ජසින්ඩාගෙ පොලිසිය වෙනස් එයාල දවසට පනහක් වගේ හොයාගන්න මොහොතෙ ටෝටල් ලෙඩ්ඩු ගාන දාහ පනින කොටම කෙලින්ම අත්‍යවශ්‍ය බිස්නස් ඇරෙන්න සේරම සම්පුනයෙන් වහල ඔක්කොම මිනිස්සු එක පිටිම්ම ගෙවල් වල නතර කලා. ඒකෙන් ආර්තිකයට මරුපහරක් වැදුනත් ජසින්ඩාගෙ මතය වුනේ අපි ඔබ කෝවිඩ් වලින් ඒකාන්තයෙන්ම රකිනවා කියන එක. ඒකෙ සාර්තක ප්‍රතිපලය ලෙස කෝවිඩ් බින්දුව කිරීම සෙල්බ්‍රේට් කරමින් ප්‍රොපගැන්ඩා මැශිමට එකතු කලා.

ඒකෙ යහපතකුත් තිබ්බ. දකුනු අර්ද ගෝලය බලාපොරොත්තු නොවන වින්ටර් හිට් එකට යද්දි ජසින්ඩාගෙ බින්දුව එයාලව බේරගත්ත. බින්දුවට මදක් උඩින්න් උන්නු ඔස්ට්‍රෙලියාව ඒ ටිකෙන් දෙවෙනි රැල්ල හදා ගත්ත. ඒත් ජසින්ඩාගෙ කිසිම පදනමක් නැති ආන්තික ලෙවල් 4 ලොක්ඩවුන් එකෙන් එයාලගෙ ආර්තිකය හාන්සිම වෙලා ගියා. කලින් කිව්ව වගෙ පලමුලෝකෙ රටකට මදක් නොගැලපෙන මට්ටමේ දරිද්‍රතා සන්ගුනක වලින් සමාජයෙ විශාල පිරිසක් පීඩා විදින වෙලාවක ජසින්ඩාගේ අන්තවාදි කෝවිඩ් පොලිසි එකෙනුත් බඩට වදින්නෙ ඒ මිනිසුන්ටමයි. ඒ මිනිසුන්ට ජසින්ඩාගේ ආදරය කන්න බෑනෙ.

මේ නිව්ස් එකට අනුව දරුවාට යහපත් කෑම වේලක් දෙන්න හිතාන තමන් බඩගින්නෙ ඉන්න මව්පියන් සැලකියයුතු තරමක් නවසීලන්තෙ ඉස්සරත් උන්න අතර ඒක කෝවිඩ් මර්දනයෙන් නොසිතු ලෙස ඉහල ගිහින්. ප්‍රිවෙන්ශනිස්ට් රටක්ලෙස ජනයාට සහනාධාර දෙන්න ඔස්ට්‍රෙලියාවෙ මොරිසන් රජය ගත් පියවරයන් ජසින්ඩා අරගෙන නෑ.

ඒත් ලෝකය මල විකාරයක්. මොරිසන් ගේ කොන්සවේටිව් ලිබරල් රජය දුප්පතාට නොසලකන ධනවාදි ආන්ඩුවක් ලෙස සලකන ලෝකයා දුප්පතාට ආදරය බෙදන ජසින්ඩාගෙ ආන්ඩුවට හැමදාම ගරු කරාවි. මොකද මොරිසන් ලා දවස ගානෙ දුප්පතා ඉඹිමින් කදුලු නොහෙලන නිසා.

මම මොරිසන් රජයට අමුතු කැමැත්තක් නෑ. මිනිහගෙ කෝවිඩ් මර්දන සැලසුම් ඇර මගෙ වර්නනාවට ලක්වෙන දෙයක් වෙලාම නෑ. ඒත් දුප්පතාට කටින් ආදරය බෙදමින් කරන ජසින්ඩලාගෙ ප්‍රොපගැන්ඩා පාලනය සහ ඒකෙම එල්බ ගෙන ඒව වර්නනා කරන බූරු ලෝකවාසියාගෙ හැසිරීම මට තරමක් අප්‍රසන්නයි.

ජසින්ඩ මේ චන්දෙ සරළ බහුතරයක්ම දිනයි.

https://www.bbc.com/news/world-asia-54444643?fbclid=IwAR2EPo1iEWjaCy_SXq4a8k5bt30Hjlu563_HdjQsfnoiUdMOyhLC0WpodCE

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*