ABBA යලිත් කරලියට

ABBA යලිත් කරලියට

ලොව පරසිඳු අබා සංගීත කන්ඩායම නවතම ගීත කීපයක් සමඟින් යලිත් සංගීත ලොවට එක්වන බවට විදෙස් පුවත්පත් කීපයකින්ම වාර්ථා වේ.

කන්ඩායමේ නායක බියෝන් පවසන ආකාරයට බොහෝ විට මේ වසර අවසාන වීමට පෙර එම ගීත රසිකයින්ට පිරිනැමීමට කලින් සැලසුම් කරගෙන සිටියද, එය ලබන වසර තෙක් කල් දැමීමට මේ වන විට තීරණය කර ඇත. එහිදි නැවුම් ගී පහක් පමණ රසිකයින් වෙත පිරිනමනු ඇති බවට වාර්ථා වේ.

අවසන් වරට ඔවුන්ගේ මියුසික් ඇල්බමයක් නිකුත් වී ඇත්තේ 1982 වර්ෂයේදීය. 1993 හා 1994 වසරවලදී ගීත තුනක් එලි දැක් වූවද ඒවා කලින් තැටිගත කල ගීත වූවේය.

1974 වසරේ ස්වීඩනයෙන් බිහි වූ මේ සංගිත කන්ඩායමේ සමාජිකයින් හතර දෙනෙකි. ඒ බියොන්, බෙනී, ඇග්නීතා හා ඇනිෆ්‍රීඩායි. ABBA නාමය කන්ඩායමට එකතු වන්නේ ඔවුන්ගේ නමේ මුල් අකුරු එකතු කිරීමේනි. ඔවුන්ගේ ගීත සියල්ලේම වාගේ සංගිතය හා ගීත රචනය බියෝන් හා බෙනීගෙනි. ඔවුන් හතර දෙනා පවුල් දෙකක් වන්නේ කන්ඩායම ලොව පුරා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම වූ කාළයේය. කෙසේ වෙතත් 1982 දී ඔවුන්ගේ ගායක කන්ඩායම මෙන්ම පවුල් සංස්ථාවන්ද කැඩි වෙන් විය.

.

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*