20 ට 2/3 නෑ. ඉතිරිය මුදලටද, තනතුරුවලටද?

20 ට 2/3 නෑ. ඉතිරිය මුදලටද, තනතුරුවලටද?

ආන්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම බලාපොරොත්තු වූ තරම් පහසු කටයුත්තක් නොවන බව වාර්ථාවේ.

මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවූවද, එය පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත විය යුතු බව නීතීපතිවරයා විසින් දන්වා ඇත.

ආන්ඩු පක්ෂයට දැනට 2/3 බලයක් ඇත්තේ නැත. ඔවුන්ට ඇත්තේ ආසන 145 ක් පමණි. කතානායකවරාඅගේ චන්දය බලාත්මක වන්නේ අත්‍යාවශ්‍යම අවස්ථාවකදි පමණය.

මිනීමැරුම් නඩුවක් සඳහා මරණ දඬුවම නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට පැමිණීම තවමත් ස්ථිර නැත.

ආන්ඩුවට සහාය පලකරනා සුළු පක්ෂ හා කතානායකවරයාගේ චන්දයද සමඟ ආන්ඩුවට ඇත්තේ චන්ද 149 කි

මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේ ඊට විරුද්ධව වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වා ඇත. ඊට අමතරව විමල් වීරවශ මහතා කීප අවස්ථාවකම අදහස් දක්වා ඇත්තේ මීට විරුද්ධවය.

මෑතකදි ජාතික ලැයිස්තුවෙන් පත් වූ ගෙවිඳු කුමාරණතුංග මහතාද ද්විත්ව පුරවැසි යෝජනවාට විරුද්ධව අදහස් දැක්වීම විශේෂය, ඔහුගේ මතය එය නම්, අනූප පැස්කුවල් මහතාගේ මතයද එයම වනු ඇත.

මේ සියල්ල සලකා බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආන්ඩුවට සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා මේ වන විට පැවත්වෙමින් ඇති අතර,, ඔවුන් පැමිනෙන්නේ කිසියම් මිළකටද එසේ නොමැතිනම් තනතුරු බලාපොරොත්තුවෙන්ද යන්න තවමත් වාර්ථා වී නැත.

කෙසේ හෝ රාවුෆ් හකිම් හා මනෝ ගනේෂන් යන මහත්වරුන් 20 ට පක්ෂව අදහස් දැක්වීම බොහෝ අයගේ කතා බහට ලක් වී ඇත.

ඒ අතර විපක්ෂයේ 9 – 10 ක් අතර පිරිසක් ආන්ඩුවට එක්වීමට කැමත්ත දැනටමත් පලකර ඇති බවටත් තොරතුරු වාර්ථා වේ.

රිෂාඩ් බදූර්දීන් මහතා කොන්දේසි විරහිතව ආන්ඩුවට සහාය පලකිරිමට කැමති බව දන්වා පනිවිඩ පිට පනිවිඩ එවා ඇතත්. ඒ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් ආන්ඩුවෙන් නොලැබුන බවත් වාර්ථා වේ.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*