සුමන්තිරන් කැපේ

සුමන්තිරන් කැපේ

පසුගියදා TNA පක්ෂයේ නයක ආර්, සම්බන්ධන් මහතාගේ නිවසේ පැවති පක්ෂ රැස්වීමකදි, එම් ඒ සුමන්තිරන් මහතා පක්ෂයේ සියළු තනතුරුවලින් ඉවත් කළ යුතු යැයි එහි පැමිනි පක්ෂයේ ප්‍රභල සාමාජිකයින් විසින් අදහස් දක්වා ඇත. මේ පිරිස අතර ධර්මලිංගම් සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා සහ සෙල්වම් අඩෙයික්කලනාදන් යන මහත්වරුන් සිටී බව වාර්ථා වේ.

මෙම රැස්වීමට සුමන්තිරන් මහතාටද ආරාධනා කර ඇති අතර ඒ මහතා ඒ සඳහා සහබාගී වී නොමැත. පැමිනි පිරිස ඉදිරිපත් කල යෝජනාව සලකා බැලීමට ක්‍රියා කරනා බව සම්බන්ධන් මහතා එම පිරිසට පොරොන්දු වී ඇත.

ඇම් ඒ සුමන්තිරන් මහතා දැනට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස ක්‍රියා කරන අතර මැතිවරණය පැවති දින ඔහු උතුරේ ජනතාවගේ දැඩි විරෝධයකටද මුහුණ පෑවේය. මේ හේතුවෙන් එම පක්ෂය කොටස් දෙකකට කැඩී යා හැකි බව දෙශපාලන විචාරකයින්ගේ මතයයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*