සජීව චාමිකරට එරෙහිව යෝෂිතගෙන් නීතිමය පියවර

සජීව චාමිකරට එරෙහිව යෝෂිතගෙන් නීතිමය පියවර

රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය අළුත් වටයකින් බිඳ දැමීම සඳහා නැවතත් මඩ ව්‍යාපාරයක් දියත්ව ඇති බවත්, ඊට එරෙහිව තමන් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කර සිටී.

මීට හේතූ වී ඇත්තේ, පරිසරවේදී සජීව චාමිකර නම් පුද්ගලයකු විසින් එල්ල කරන ලද චෝදනාවක්, සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්වීමයි. සජීව චාමිකර මහතා මාධ්‍ය හමුවකදි ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කර සිටින්නේ, මතබේදයට තුඩු දී ඉඳිකිරීම නවතා දැමූ සිංහරාජ රක්ෂිත වනාන්තර මැදින් ඉඳිවන මාර්ගය ඉඳිවන්නේ, යෝෂිත රාජපක්ෂගේ හෝටලයක් වෙනුවෙන් යන්නයි.

පසුගිය දින කීපය තුල සමාජ මාධ්‍යයන් තුල දැඩි කතා බහට ලක් වූ මේ සිද්ධිය අලලා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සමාජිකයකු වන නිර්මාල් දේවසිරි මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් රාශියක් තැබූ අතර, එක් සටහනක් තුල ලංකාවේ වනාන්තර සියල්ලම කපා දමූවද තමන්ට කිසිම ප්‍රශ්ණයක් නැති බවත් සඳහන් කර සිටියේය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*