රුවන්ගේ කණ්ඩායම බේද කරන්න මුදලට මාධ්‍ය සාකච්ඡා තියන්න සූදානමක්

රුවන්ගේ කණ්ඩායම බේද කරන්න මුදලට මාධ්‍ය සාකච්ඡා තියන්න සූදානමක්

එක්සත් ජාතික පක්ෂයේම හිටපු ප්‍රභල ඇමතිවරයෙක් යටිකූට්ටු ගේම් ගසයි

මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ලොකුකතාබහක් ඇතිව තිබෙන අතර රුවන් විජේවර්ධන ඉදිරියෙන්ම සිටිනවා. නමුත් කරු ජයසූරිය ගේ කණ්ඩායමත් විවිධ උපක්‍රම භාවිතාකරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ අතර නායකත්ව හීනයේ සිටින වජිර ද අද අනුරාධපුර සංචාරය කොට ආශීර්වාද ලබා ගන්නා බව ආරංචියි. පෙරේදා අනුරාධපුරයේදී සියලුදෙනාගේම ඉල්ලීම මත, තමාද නායකත්වය සදහා ඉදිරිත්වන බව රුවන් විජේවර්ධන ප්‍රකාශ කලා. ඉන්පසුව කුපිතවී සිටින එක්සත් ජාතික පක්ෂ රජයේ සිටි ප්‍රභල ඇමතිවරයෙක් ( බැඳුම්කර වංචාවේ ඉහලින්ම චෝදනා ලබන) රුවන් පාර්ශවයට එරෙහිව බොරු ප්‍රචාර විවිධ සමාජ මාද්‍ය හරහා පල කල බව එම පක්ෂයේම විශ්වාසනීය ආරන්චි මාර්ග පවසනවා..

ඒ අතරින් 2010.08.30 දින අස්ගිරි මහනාහිමියන් රුවන් විජේවර්ධන ව බැහැදැකීම ප්‍රතික්ෂේප කල බව එක පුවතක්.

මෙම සාවද්‍ය පුවත සුජිත් මංගල සිල්වා යන අයගේ වෙබ් පිටුවකින් වාර්තා වුනා.

දිනෙන් දින ශක්තිමත් වන රුවන් පිල ගැන කෝපයෙන් පසුවන බැඳුම්කර වංචාවේ චෝදනා ලබන හිටපු ප්‍රභල අමාත්‍ය වරයා රුවන් පිල අසමගි කරන්නට මුදලට මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට ස්වාමීන්වහන්සේලා පිරිසක් යොදාගෙන ඇත., රුවන් පිලේ ක්‍රියාකාරී සන්දිත්, ආශු හා අනුරාධනායක ට එරෙහිව මඩ පුවත් මැවීමටත්. ඔවුන් බේදබින්න කර රුවන් පිල අඩපන කරන්නත් උත්සාහ කරන්නට එම පක්ෂයේම ක්‍රියාකාරී සාමාජිකයන් මෙහෙයවන්නට ඔහු අතදිග හැර වියදම් කරන බව ප්‍රසිද්ධ රහසක්.

පසුගිය ආණ්ඩුවේ වෂමාචාර ගනනාවකට ඇගිල්ල දිගුවන හිටපු ප්‍රබල ඇමතිවරයා මේ මඩගැසීම සදහා ස්වාමීන්වහන්සේලා 3 නමකට හෙට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන ලෙස දන්වා ඇති අතර ඒ පිලිබද සාකච්ඡාක් කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක නමක් හොබවන නුගේගොඩ ප්‍රදේශයේ ඇති පන්සලක සැලසුම් හදන බව ආරංචියි. මෙම කණ්ඩායම පසුගිය දිනක එජාපයේ වත්මන් නායක රනිල්ට ද මාධ්‍ය සාකච්චාවක් හරහා මඩ ප්‍රහාර එල්ල කලා.

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*