රවිනාථ ඇමරිකාවට කොහොන චීනයට

පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සඳහා තානාපතිවරුන් 6 දෙනෙකුගේ නම් යොමුකර ඇත. එහි අනුමැතිය ලැබුන පසු මොවුන් එම රටවල රාජකාරීන් සඳහා පිටත්වීමට නියමිත බව වාර්ථාවේ.
එසේ යොමුකර ඇති අය මෙසේය.
ඉන්දියාවේ – මිලින්ද මොරගොඩ මහතා
චීනය – ආචාර්ය පාලිත කොහොන මහතා
ඇමරිකාව – රවිනාථ ආරියසිංහ මහතා
ප්‍රංශය – මහාචාර්ය ශානිකා හිරිඹුරේ මහත්මිය
ජපානය – සංජීව ගුණසේකර මහතා
ඇෆගනිස්ථානය – විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා
මොවුන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇත්නම් මේ මස 24 වන දිනට පෙර ඕනෑම පුදගලයකුට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දන්වා සිටී.