මාත් හොඳ කැප්ටන් කෙනෙක්

මාත් හොඳ කැප්ටන් කෙනෙක්

ඔක්කොම වගේ නායකයෝ වෙන්න ඉල්ලන එකේ මාත් ඉල්ලනවා. මොකෝ මම ලෝක කුසලානයකුත් ගෙනාපු නායකයෙක්.

අනික හැම කෙනාටම ප්ලේ කරන්න පුලුවන් උනාට නායක කම් කරන්න බෑ. මගේ නම් යෝජනාවා ටික කාලයකට කරූ ජයසූරිය මහත්මයට නායකත්වය දීලා, වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු යන එක යනුවෙන් අර්ජුණ රණතුංග මහතා අදහස් දැක්වූයේ, ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂයේ සියල්ලෝම වාගේ රැගෙන ගොස් සමගි ජන බලවේගය පිහිටවීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වූ සියල්ලන්ම පක්ෂ නායකත්වය අපේක්ෂාවෙන් දැඩි සටනකට පිවිස ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අතර වීම විශේෂය.

බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමත්ත වී ඇති රුවන් විජේවර්ධන මහතා මීළඟ පක්ෂ නායකයා වනු ඇතයි එකසත් ජාතික පක්ෂ හිතවාදින්ගේ අදහසය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*