ශ්‍රිලනිප හදිසි හමුව කුමන්ත්‍රණයක්ද…?

ශ්‍රිලනිප හදිසි හමුව කුමන්ත්‍රණයක්ද…?

.

මහ මැතිවරණය සඳහා පොදු ජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ගේ හදිසි රැස්වීමක් අද දින කොළඹදී පැවැත්වෙන බව වාර්ථා වේ.

හෙට දින පැවැත්වෙන මැතිවරණයෙන් පසු ගතයුතු තීන්දූ තීරණ පිළිබඳව දැනුම්දීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එම පක්ෂයේ මහ ලේඛම් දයාසිරි ජයසේකර විසින් මෙම කැදවීම කර ඇත.

පොදු ජන එක්සත් පෙරමුණේ පිරිස් හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර එකිනෙකාට චෝදනා කර ගැනීම් රාශියක් සිඳු වූ අතර, ඒ අතරින් ප්‍රසන්න රණතුංග මහතා හා දයාසිරි ජයසේකර මහතා අතර ඇතිවූ ආරවුල බොහෝ දුරදිග ගියේය.

මීට අමතරව ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින්ද නොයෙකුත් ප්‍රකාෂයන් සිඳු කල අතර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් වේදීකාවලදි පාක්ෂිකයින්ගේ උසුළු විසිළු හා විරෝධතාවයන්ටද ලක්විය.

ඊට ප්‍රධානම හේතුව වූයේ, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනා ලද පරක්‍රම සමුද්‍රයේ උකුස්සාගේ කතාවයි. මේ හේතුවෙන් පොදු ජන එකසත් පෙරමුණේ පිරිස ඔවුන් හැඳින්වූයේ උකුස්සන් ලෙසය.

සජිත් ප්‍රේමදාස අගමැති වශයෙන් දිවුරුම් දෙනු ලබන්නේ පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්ව ජයගන්නා මෛත්‍රී පිල සමඟ බව සමගි ජන බලවේගයේ වේදිකාවල බොහෝ විට ප්‍රකාෂ වූ අතර, පෙරේදා දිනයේ හරීන් ප්‍රනාන්දු මහතා හා දයාසිරි ජයසේකර මහතා අතර කොළඹදී පැවති සාකඡ්චද ඒ සඳහා පැවති ඒවා බව දැයි දේශපාලන ලෝකය තුල කතා බහට ලක් වෙමින් පවති.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*