වන්දි මුදල ලක්ෂ 20 ක් දක්වා වැඩි කිරීමට අදහසක්

රාජකාරී අවස්ථාවකදි හෝ වැඩබිමකදී හදිසි අනතුරකින් ජීවිතය අහිමි වන කම්කරුවකුට මෙතෙක් ලබා දුන් ලක්ෂ 5 ක වන්දි මුදල, ලක්ෂ 20 දක්වා වැඩී කිරීමට කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ වෘතීය සමිති නියෝජිතයින් හා කම්කරු දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීන් අතර පැවති සාකච්ඡාවකදි මේ පිලිබඳව සඳහන් වී ඇත.
කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කොට වන්දි ලබා දීම කඩිනම් කිරීමටත් මෙහිදි යෝජනා වී ඇත.