ලිබරල් ටෝයියෝ නාහෙන් අඬන මැණික් කුළුණ..

අද මුල්ගල් තැබූ, ඉදිකිරීමට නියමිත රත්නපුර මැණික් කුළුනේ සුවිශේෂිත්වය…
මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිතා කරයි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී වර්ග අඩි 1,500 ක භූමි ප්‍රමාණයකින් යුත් මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් රත්නපුර, දේමුවට්ටා හි පිහිටි පර්චස් 22 ක භූමි භාගයක ඉදිකිරීමට නියමිතය.
මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොං හි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා සපයනු ඇත.
ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස, ඉහත සඳහන් ඉඩමට යාබද ඉඩම අත්පත් කර ගැනීමටත්, මහල් 14 කින් යුත් නවීන ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් යෝජනා කර තිබේ.
ව්‍යාපෘතියේ පළමු අදියරේදී යෝජිත ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ හා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට ප්රදානය කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අනාගතයේදී මෙම බහුකාර්ය ගොඩනැගිල්ල සහිත භූමිය ලෝකයේ මැණික් ව්‍යාපාරය සඳහා කාර්යබහුලම ස්ථානය වනු ඇත.