ප්‍රසන්න රණවීරට තවත් ආයතනයක සහාය

රී ඩිසයින් ශ්‍රී ලංකා (Re-design Sri Lanka) වැඩසටහන තුලින් ලබාගත් දැණුම මෙන්ම එම පිරිසද සමඟ එක්ව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතාගේ අමාත්‍යංශයට අවශ්‍ය දැණුම, පුහුණුව, උපාය මාර්ග මෙන්ම වෙළඳපොලද හඳුන්වා දී දේශීය නිර්මාණකරුවා සාර්ථක ව්‍යවසායකයකු කිරීමට තම උපරිම සහාහ ස්වේච්ඡාවෙන්ම ලබා දීමට ස්වේච්ඡා උපදෙශණ වෘත්තීය එකමුතුව (PWB -Professionals Without Borders) තීරණය කර ඇත.
ඔවුන් ඒ බව සඳහන් කර ඇත්තේ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් පැවති සුහද සාකච්ඡාවක් අතරතුරදීය.
මේ අනගි අවස්ථාවේදී ඉතා දුෂ්කර ජීවිත ගතකරනා එම ගැමි කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා තම දැණුම හා සේවය නොමිළේම ලබා දීමට මේ ආයතනය ඉදිරිපත් විම අමාත්‍යවරයාගේ ඉමහත් ප්‍රශංසාවට ලක් විය.