පළමු රැස්වීමේදීම පාඨලී ගේම ඉල්ලයි

පළමු රැස්වීමේදීම පාඨලී ගේම ඉල්ලයි

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කිරීමේ රැස්වීම එකම කාලගෝට්ටියක් වූ බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව රැස් වූ ප්‍රථම දිනයේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගැන සඳහනක් සිඳු වූයේ නැත.

ඒ සඳහා පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදි බහුතරයකගේ යෝජනාව වී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා ඒ සඳහා පත්කල යුතු බවයි. ආන්ඩු පක්ෂය ඉතා බලවත් බවත් එබැවින් ශක්තිමත් නායකයකු ඒ සඳහා පත් කල යුතු බවත් ඔවුන්ගේ යෝජනාව වී ඇත.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇත්තේ ගයන්ත කරුණාතිලක මහතා ආන්ඩු පක්ෂයේද ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල හේතුවෙන් ඔහු ඊට වඩාත් සුදුසු බවයි.

මෙහිදි නැගී සිටී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ, අයියා කරන්නෙත් රනිල් කරපු දේමයි, ශක්තිමත් නායකයකුට ඉදිරියට එන්න දෙන්නේ නෑ, ඔහොම වැඩ කලොත් වෙන්නේ ඔයත් දුර්වල නායකයෙක් වෙන එක. අපිට කවදාවත් ආන්ඩු පෙරලන්න හම්බ වෙන්නේ නැතයි යනුවෙනි.

මෙහිදි පාඨලිගේ නම යෝජනා කල විශාල පිරිසක් රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති අතර, ඒ හේතුවෙන්ම රැස්වීම නවතා දමා ඇත. පසුදින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක නිල කාමරයේදී රැස්වූ පිරිස ඒ වෙනුවට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කරගෙන ඇත.

මේ රැස්වීම් කිසිවකටත් පාඨලී මාහතා සහභාගී වී නොමැති අතර, සමගි ජන බලවේගයේ නායකත්වය තමන් වෙත ලබා ගැනීම පාඨලීගේ අදහස බවට දේශපාලන ලෝකය තුල කතා බහක් පැවතීම, සජිත් ප්‍රේමදාසගේ මෙම තීරණයට බලපෑ බව බොහෝ අයගේ මතයයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*