නාමල්ගෙන් තවත් හයක්

ශ්‍රි ලංකා ක්‍රියට් කණ්ඩායමේ හිටපු නායකයකු හා සාර්ථක ව්‍යවසායකයකු වන මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත්, කමිටු සමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත විශේෂ උපදේශක කමිටුවක්, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
එම කිමිටුවට හිටපු ක්‍රිකට් නායක කුමාර සංඝක්කාර, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මෙන්ම ප්‍රවීන ක්‍රීඩකයින් හා කළමණාකරුවන්ගෙන්ද සමන්විතය.
ක්‍රීඩාවේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම සියළුම ක්‍රීඩාවන් ජාත්‍යන්තර තත්වයට ගෙන ඒමේ රජයේ ප්‍රතිපත්තියට සහාය දීම සඳහා පත් කර ඇති කමිටුව මෙසේය.
01. හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති
02. හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04. රෝවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05. සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06. ජුලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07. යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා – කමිටු සාමාජික
08. සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09. කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10. රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11. රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12. රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13. මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14. අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික