ජනපති අණින් රූ ‍රැජිණ ගැ‍ටුම ගැන පරීක්ෂණයක් – කෙස් කෙලින් කරන නාරිමාංශ ජාවාරමක් ගැන තොරතුරු ‍හෙළි වෙයි…

ජනපති අණින් රූ ‍රැජිණ ගැ‍ටුම ගැන පරීක්ෂණයක් – කෙස් කෙලින් කරන නාරිමාංශ ජාවාරමක් ගැන තොරතුරු ‍හෙළි වෙයි…

ලංකාවට කළු පැල්ලමක් එක් කරමින් 2021 විවාහක රූ ‍රැජිණ තේරීම ගැ‍ටුමකින් නිමා විය. දැන් රූ ‍රැජිණ ගැ‍ටුම දුර දිග යන ලකුණු පහල වී ඇත. රූ ‍රැජිණ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ජනාධිපතිවරයා නියෝග කොට ඇත. රූ ‍රැජින ගැ‍ටුම පිළිබද මූලික විමර්ශණ වලින් අනාවරණ වී ඇති කරුනු මෙසේය.

1..විනිශ්චය මණ්ඩලය මුදල් වලට යටවී පක්ෂපාතීව කටයුතු කළ බව අනෙකුත් තරඟකාරිණියන් සාමුහිකව ප්‍රකාශ කිරීම.

2.රූ ‍රැජිණියන්ගේ සැමියා සහ දරුවන් වේදිකාවට පිවිසීමේ චිරාත්ගත අංගය පෙජන්න්ට් එකෙන් ඉවත් කළේ කාගේ නියෝගයෙන්ද යන්න සොයා බැලීම.

  1. කැරොලින්ගේ හැසිරීම විවේචනය කරමින් Mrs. World Inc නම් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය ව්‍යාජ එකක් බවට සාක්ෂි ලැබී ඇත.
  2. Mrs. World Inc නාමය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදන ලිපි ශීර්ෂයේ ඔවුන් සම්බන්ධ කරගත හැකි කිසිදු ලිපිනයක් හෝ දුරකථන අංකයක් නැත.

5 Mrs. World Inc නාමය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය ව්‍යාකරණ දෝෂ වලින් යුතුය, තවද එය සම්මත ආකෘතියට තරම් නොවන්නකි.

5 Mrs. World Inc මාධ්‍ය නිවේදනය කූට ලේඛනයක් ලෙස බැලූ බැල්මට හඳුනාගත හැකි වුවද එය පදනම් කොටගෙන මහරාජා මධ්‍ය ජාලය ඇතුළු ආයතන කිහිපයක් අගතිගාමී ප්‍රවෘත්ති පල කොට ඇත.

  1. කැරොලීන් ජූලිගේ කීර්තියට හානි වන අයුරින් මහරාජා මධ්‍ය ජාලයේ newsfirst ලිපිය ලියූ සුල්‍ෆිකාර් ෆර්හාන් ඇතුළු පිරිස ගැන කැපිටල් මහරාජා අධිපති රාජා මහේන්ද්‍රන් මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
  2. https://en.wikipedia.org/wiki/Mrs._World යන විකිපීඩියාව 2019 අප්‍රියෙල් 28 ආරම්භ කොට ඇති අතර එය හුදෙක් කැරොලින්ගේ චරිතය ඝාතනය කිරීම උදෙසාම නිර්මාණය කොට ඇති බව පෙනී යයි. 2019 ආරම්භ කළ එම විකිපීඩියාව යලි යාවත්කාලීන කොට ඇත්තේ පුෂ්පිකාගේ සිදුවීම ගැන පමනි. පුෂ්පිකාගේ ගැ‍ටුම හැරුණු කොට සිද්ධීමය වෙනත් තොරතුරු කිසිවක් එහි නැත.

8.. https://mrsworld.com/ නමින් වෙබ් අඩවියක් ඇති අතර කැරොලීන්ට එරෙහි ද්වේශ සහගත මාධ්‍ය නිවේදනය නිකුත් කොට ඇත්තේ ඊට සමාන නමක් ඇති ආයතනයක් විසිනි. https://mrsworld.com/ වෙබ් අඩවියද සැක කටයුතු එකකි .

  1. https://mrsworld.com වෙබ් අඩවිය සමස්ත ලෝක විවාහක රූ ‍රැජින තරඟ මාලාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වුවද එහි කථා කළ හැකි දුරකථන අංකයක් නැත. post office box 5070 , la quinta , California , 92248 ලෙසින් එහි සඳහන් ලිපිනයද ව්‍යාජ එකකි. එහි දැකිය හැක්කේ ලංකාව පිලිබද අප් ඩේට් පමනි.
  2. Mrs world inc නාමයෙන් කැරොලීන් විවේචනය කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය mrsworld.com වෙබ් අඩවියේ දැකිය නොහැක.
  3. ශිරන්ති රාජපක්ෂ ආර්යාව විවාහක රූ ‍රැජින තේරීමේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර ලංකාවේ තහනම් කොට ඇති වෙබ් අඩවියක් ආර්යාවගේ ප්‍රතිරූපයට හානි වන අයුරුන් ලිපියක් පල කොට ඇත.
  4. Mrs._World විකිපීඩියාව සහ mrsworld.com වෙබ් අඩවිය ලංකාවේ කිසිවෙකු විසින් මෙහෙයවන බවට සාක්ෂි ලැබී ඇත.කරුණු එසේ හෙයින් රූ ‍රැජිණ තරග වලට මුවා වී සුරූපිණියන් දෙස් විදෙස් කාමාතුරයන්ට අළෙවි කරන ජාවාරමක් පවතින බවට සැක මතු වී ඇත.
  5. අවසන් තරඟයේදී කුමක් සිදුවීද යන්න පිළිබදව වාර්තාවක් සැකසීම ලංකාවේ ප්‍රකට නීති සේවා සපයන ආයතනයකට බාර දී ඇත . එය යථා කාලයේදී ජාත්‍යන්තර ආයතන වෙත යැවීමට කැරොලින් ජූලි කටයුතු සූදානම් කොට ඇත.
  6. නොයෙල් සෙල්වනායම් නම් ව්‍යාපාරිකයා තරඟයේ වීනිෂ්චය මණ්ඩලය වෙත සෘජු හෝ වක්‍ර ආකාරයෙන් බලපෑම් කොට තිබේද යන වග.

13.. විනිශ්චය මණ්ඩලය විනිවිද බව සහ ස්වාධීනත්වය බරපතල ලෙස අභියෝගයට ලක්වී ඇත.

  1. සංවිධායක මඩුල්ල විසින් යම් තරඟකාරිණියකට විශේෂ අනුග්‍රහයක් දක්වා ඇති නම් තරඟ පාවාදීම් පිලිබදව ක්‍රිකට් ක්‍රීඩකයන්ට බල පවත්වන නීතිය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු බව.

තුෂාරා වන්නිආරච්චි

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*